මීට වසර පහකට පෙර ජීවිත 263ක් බිලිගත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.Sri Lanka Latest News
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැනටමත් පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ලබන සතියේ ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත..
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට ඊයේ පෙරවරුවේ පැමිණිල්ල ඉදිරිපත් කළේය.
වෛද්‍ය ජයවර්ධන පැවසුවේ සමූල ඝාතනය සිදුවී වසර පහක් ගතවී ඇතත් අපරාධයට අදාළ තොරතුරු හෙළි කිරීමට හිටපු ජනාධිපතිවරයා අපොහොසත් වීම තම පැමිණිල්ලට පදනම් වී ඇති බවයි. ඔහු ඉදිරියේ පෙනී සිටි කොමිෂන් සභාවලට තොරතුරු හෙළි කිරීමට ඔහු අපොහොසත් වූ අතර ඔහුගේ නවතම ප්‍රකාශය නිසා මහජනතාව කුපිත විය හැකි බව කී මන්ත්‍රීවරයා සිරිසේන මහතාගේ අලූත් ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් ඉල්ලා සිටි බව කියා සිටියේය.
සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමට රහස් පොලිසියට කළ පැමිණිල්ලට අමතරව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට ද කරුණු ඉදිරිපත් කර තිබේ.