• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදාව කිසිම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට සම්බන්ධ වෙන්නෙ නෑ! බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා! හමුදාවෙන් විශේෂ නිවේදනයක්!

April 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
හමුදාව කිසිම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට සම්බන්ධ වෙන්නෙ නෑ! බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා! හමුදාවෙන් විශේෂ නිවේදනයක්!
Share on WhatsAppShare on Facebook

දිවයින පුරා කැපවීමෙන් සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ උසිගැන්වීමේ උත්සාහයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවධානයට ලක්ව ඇත.

පසුගිය දින කිහිපය තුළ නිරීක්‍ෂණය වූ පරිදි තමන්ටම ආවේනික වූ න්‍යායපත්‍රවලට අනුකූලව විවිධ කණ්ඩායම් විසින් යුද්ධ හමුදා භටපිරිස් අපකීර්තියට පත්කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව ‘ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමට සූදානම් වන බවටත්, පහරදීමකට පෙර පුහුණුව ලබමින් සිටින’ බවටත් සම්පූර්ණ අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයන් සිදුකරමින් සිටියි. කිසිදු යුද්ධ හමුදා සාමාජිකයෙකු එවැනි ක්‍රියාකාරකමක් වෙනුවෙන් සම්බන්ධ වී නොමැති අතර මෙවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශසහගත ඒවා වේ.

සයිබර් අවකාශයේ බහුල වශයෙන් සංසරණය වන මෙවැනි ද්වේශසහගත ප්‍රචාරයන් අතර ‘යුද්ධ හමුදා රෝහලක සිදුවී ඇතැයි පැවසෙන දූෂණයක්’ පිළිබඳව ද කතා කරනු ලබන අතර, මෙවැනි අසත්‍ය වාර්තාවන් යුද්ධ හමුදාවේ ව්‍යුහගත සහ මනාව ගිවිසූ හමුදා උපදේශක මණ්ඩල හෝ ස්ථාපිත ටෙන්ඩර් පටිපාටිය වැනි දේ පිළිබඳව මූලික දැනුමක් හෝ නොමැති අයවළුන් විසින් පළකරනු ලබන වාර්තා බව පෙන්වාදෙන අතර මෙවැනි අසත්‍ය සහ ද්වේශසහගත වාර්තා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්‍ෂේප කරයි.

පසුගිය දින කිහිපයේදී පැහැදිලිව විද්‍යාමාන වූ පරිදි හමුදා සාමාජිකයන් සාමකාමී විරෝධතාකරුවන් හෝ එකී සංවිධාන සමඟ කිනම් හෝ මැදිහත්වීමකින් තොරව සිය රාජකාරීවල නිරතව සිටිනුයේ රාජ්‍ය සහ මහජන ආරක්‍ෂාව සඳහා වන අතර මෙම භටපිරිස් සිය ජීවිත පරදුවට තබා අප්‍රමාණ කැපකිරීම් කරමින් රටට සාමය ලබාදුන් සාමාජිකයන් වන බව ද සිහිපත් කිරීම වටී.

යුද්ධ හමුදාව අපකීර්තියට පත්කිරීම අරභයා ප්‍රචලිත කරනු ලබන මෙම සූක්‍ෂම උත්සාහයන් යුද්ධ හමුදාව විසින් තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර විචක්‍ෂණ බුද්ධියෙන් පරිණත හා වගකිවයුතු පුරවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනුයේ අතීතයේදී යුද්ධ හමුදාව කෙරෙහි ඔබ තැබූ විශ්වාසය තවදුරටත් රකිනා ලෙසය. එමෙන්ම, වෘත්තීය නිපුනත්වයෙන් හා පුහුණුවෙන් සන්නද්ධ භටපිරිස් වර්තමානයේ ඕනෑම ආරක්‍ෂක අභියෝගයක් භාරගැනීමට සූදානම් අතර දැනට පවතින තත්ත්වයේදී පොලීසිය විසින් කැඳවීමක් කළහොත් පමණක් පොලිසියට සහය වීම සඳහා ඉදිරිපත් වන බව ද යුද්ධ හමුදාව පෙන්වා දේ.

එමෙන්ම, යුද්ධ හමුදා දෛනික චර්යාවේ හා පිළිවෙත්වල අනිවාර්ය අංගයක් වූ යුද්ධ හමුදා පුහුණු සැසිවාරයන් සියළුම යුද්ධ හමුදා කඳවුරු තුළ නිරන්තරයෙන් පැවැත්වෙන අතර එම පුහුණුවීම් පිළිබඳ විවිධ මතිමතාන්තර දරණ අය අසත්‍ය ප්‍රචාරයන් සිදුකළ ද එම පුහුණුවීම් ප්‍රචන්ඩත්වය සඳහා වන පුහුණුවීම් නොවන අතර සාමාන්‍ය යුද්ධ හමුදා පුහුණුවීම් පිළිවෙත්හී අංගයක් පමණක් බව මෙහිලා අවධානයෙන් සඳහන් කළ යුතුව ඇත.

මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් හා සූක්‍ෂම උපක්‍රම හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසත් වැරදි අවබෝධයන් ඇතිකර නොගන්නා ලෙසත් සියළු මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රාජ්‍යයේ හා එහි ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාකිරීමට බැඳීසිටින බව තහවුරු කරනු ලැබේ.

SendShareShare
Previous Post

මාතර කොල්ලො මන්ත්‍රී නිපුණ රණවකට හූ තියා එලවගනී! (VIDEO)

Next Post

ඩයලොග් 4G කුළුණු ගෝල්ෆේස් එකේ සවිකළේ තරුණයො බය කරන්න! තරුණයො මර්දනය කරන්න! ඕවට බයවෙන්න එපා! තරුණයන්ට මන්ත්‍රීවරුන්ගෙන් පණිවුඩයක්! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.