අරගලයේ නියුතු තරුණ තරුණියන්ට අවශ්‍ය සියලුම ශක්තිය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කළේය.
ඔවුන් පෙන්වා දුන්නේ ආණ්ඩුව ජනතා අරගලය මර්දනය කිරීම සදහා විවධ උපායන දරමින් සිටින බවත්, ඒ සියල්ල පරාජය කිරීමට තම පක්ෂය පාර්ලිමේන්තුව ඇතුළේදී මෙන්ම එළියේදීද සූදානම් බවත්ය.










