ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම විසින් ශ්‍රී ලංකාවට BMW මෝටර් රථ ආනයනය කිරීමේදී සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් ආරම්භ කළ හැකි බව අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන මහත්වරු දැනුම් දුන්හ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා ඉදිරිපත් කළ විරෝධතාව පිළිගනිමින් අභියාචනාධිකරණය මෙම අවසරය ලබා දී ඇත.
මීට පෙර රේගුව පරීක්ෂණයක් පවත්වා ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම විසින් ශ්‍රී ලංකාවට BMW මෝටර් රථ ආනයනය කිරීමේදී මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් එක් වාහනයකට රුපියල් 100000/- බැගින් දඩයක් නියම කළේය.
ඊට එරෙහිව ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම විසින් අධිකරණයෙන් තහනම් නියෝගයක් ගැනීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම විසින් ශ්‍රී ලංකාවට BMW මෝටර් රථ ආනයනය කිරීමේදී සිදුව ඇති වංචා පිළිබදව ජර්මානු රේගුවෙන් නව සාක්ෂි ලැබීමත් සමග නැවත වතාවක් පරීක්ෂණ ආරම්භ කිරීමට අවසර ලබා දෙන ලෙස රේගුව වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.
අදාළ කරුණු දැක්වීමෙන් පසු නැවත පරීක්ෂණයක් ආරම්භ කළ හැකි බව අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන මහත්වරු දැනුම් දුන්හ.