• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරයා උත්තර නොදී ගිය සජිත්ගේ කතාව මෙන්න! අපායක් බාර අරන් වැල් පාලමේ ගිහින් ගොඩ දැම්මා කියපු රටේ සිද්ධ වෙලා තියෙන විනාශය සජිත් එකින් එක සභාවට පෙන්වා දෙයි! ජනාධිපතිගේ මල් වට්ටියට අත නොගැසූ හේතුවත් කියයි! VIDEO I Sri Lanka Latest News

May 9, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
බදු ගහන-ජනතාව පීඩාවට පත් කරන රනිල්ගේ රාජාසන කතාවට සමගි ජන බලවේගය නෑ! රාජාසන කතා කළත් එකයි නැතත් එකයි! අපි ළඟදීම කොළඹට නොනවතින රැල්ලක් එක්ක එනවා! සජිත්ව බලන්න ආ මහියංගනයේ ජන ගඟට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් ගිනිගත් රටක් අපායක් බාර ගත් බවත් ජාත්‍යන්තර සම්බන්ධකම් තිබුණ නිසා වගකීම බාර ගත් බව පැවසුවත් වත්මන් තත්ත්වය දෙස බලන විට පෙනී යන්නේ ජනතාවගේ කරපිට අසහනය පීඩනය කලකිරිම දුක කදුල වේදනාව ඇති නව සාමාන්‍යකරණයක් සහිත යුගයක් බවත් ආර්ථිකය හිතාමතාම හකුලකා දුප්පත්කම වැඩී වි ගෑස්, තෙල්, විදුලි බිල් වැඩි වී ව්‍යාපාර කඩා වැටී මන්දපෝෂණය වැඩි වී ව්‍යාපාරික ප්‍රජාවගේ දේපල වෙන්දේසි කරන යුගයක සාමාන්‍ය ජනතාවගේ ජනජීවිත බරපතල අවදානමට ලක් වූ යුගයක ප්‍රශ්නවලට පිළිතුරු නොදී ජනාධිපතිවරයා පැන ගිය බවත් මේ රටට අවශ්‍ය පැනල යන නිවට නායකත්වයක් නොව විවේචනවලට සවන් දී ඒවා අවබෝධ කර ගෙන ඒවාට පිළිතුරු සපයන නායකත්වයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ කතාවට පිලිතුරු කතාවක් සිදු කරමිනි.

අස්වැසුමත් කිසිම විද්‍යාත්මකභාවයකින් තොරයි

අස්වැසුම වැඩසටහන සැබැ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නම් එහි ආයෝජනය, පාරිභෝජනය, ඉතිරි කිරිම, නිෂ්පාදන, අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයකට මුල පුරන වැඩපිළිවෙළක් නොමැති බවත් ජනාධිපතිවරයා පත් වූ මොහොතේම ජන සංගණනයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගෙන ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර අවබෝධ කර ගෙන අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු වුවත් එවැන්නක් සිදු නොකර මුදල් ලබා දෙන වැඩසටහනක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයි.එම්.එෆ්. කියන ජනතා හිතකාමී වැඩසටහන රජය ක්‍රියාත්මක කළේ නැහැ

වසර 2ක් අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන අලස ආකාරයට යන බවත් මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන නිවැරදිව කරන රටවල් තිබුණත් අප රට ඒ රටවල කොටසකට අයත් නොවන බවත් දෙවැනි මුදල් ටික ලැබුණෙත් පමා වී බවත් 3 වැනි මුදල් ටික මාර්තු මාසයේ ලැබෙන්න තිබුණත් නොලැබුණු බවත් එයට හේතුව අයි. එම්. එෆ්. එක යෝජනා කරනා ජනතා හිතකාමී සුබවාදී වැඩසටහන, විනිවිදභාවය, වගකීම හා වගවීම යනාදී සංකල්ප ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බිලියන 2ක් ණය ගෙවලා බිලියන 3ක් ණය අරන්

බහු පාර්ශ්වීයව ණය ලබා දුන් කණ්ඩායම්වලට බිලියන 2ක් ණය ගෙව්වා කිව්වට තවත් බිලියන 3ක් ණය ලබා ගෙන ඇති බවත් වැල් පාලමෙන් ගොඩ වීම මෙයද කියා ප්‍රශ්න කරන බවත් මේ හැමදේම ජනතාව ඇන්දවීමක් බවත් මේ වන විට ණය බරතාව මෙන්ම දුෂණය ද වැඩි වී ඇති බවත් වැඩි කරන ලද ආදායම් බදුවලින් 40%ක් වෙන් කර ඇත්තේ හමුදා ඇදුම් සහ කෑමට බවත් ඇදුම් සහ ආහාර දිය යුතු වුවත් මේ මුදල් බිලියන 75කින් වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බදු ගැහුවත් බදු වියදම් කරන ආකාරය ගැන විනිවිදභාවයක් නොමැති බවත් මේ මුදල් යන පාර්ශ්ව සහ සැපයුම්කරුවන් ගැන තොරතුරු අවශ්‍ය බවත් අර්ථසාධක අරමුදලේ වගකීම වගවීම විනිවිදභාවය සාක්ෂාත් කරන්න සුමන්තිරන් මැතිතුමා ඉදිරිපත් කරපු බිල් එකටත් එකග වන ලෙසත් ඒ තුළින් අර්ථසාධකේ වගකීම වගවීම හා විනිවිදභාවය ක්‍රියාත්මක බවත් එය කරන්න රජය සූදානම් නොමැති බවත් මේ තුළින් පවා මංකොල්ලකන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය වෙළෙඳපොළ සංවේදීතාවට වඩා හොරුන්ගේ සංවේදීතාව ගැන සිතනවා

සිංගප්පූරුවට ජපානයට වෙළෙඳපොළ තොරතුරු එළිදක්වනවා නම් ලංකාවට බැරි ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් එසේ හෙළිදරව් නොකරන්නේ වෙළෙඳපොළ සංවේදීතාව ගැන සිතා නොව හොරුන්ගේ සංවේදීතාව ගැන සිතා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

බදු සහන නිසා 2022/ 2023 බිලියන 978ක් අහිමි වෙලා

එමෙන්ම බදු සහන ලබා දීම තුළ අප රටට 2022/ 2023 වසරේ රු. බිලියන 978ක් අහිමි වී ඇති බවත් එය සමස්ත බදු ආදායමෙන් 56%ක් බවත් අයි.එම්.එෆ්. එක කිව්ව ආකාරයට මූල්‍ය වාර්තාකරණය විනිවිදභාවයෙන් යුක්ත විය යුතු නිසා බදු සහන ලබා දුන් ආයතනවල නම් ප්‍රසිද්ධ කරන්න කිව්වත් තවම සිදු කර නොමැති බවත් එසේ සැගවිමට හේතු කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනතාවට පිළිතුරු නොදී ජනපති ගිය එක අසාධාරණයි

යහපත් රාජ්‍ය පාලනය කේන්ද්‍ර කර ගත් බැදුම්කර සඳහා ණය කරුවන් සූදානම් බවත් යහපත් රාජ්‍ය පාලනයක් ඇත්නම් ණය පොළියෙන් කොටසක් කප්පාදු කිරීමට කැමති වුවත් රජය එකග නොවන හේතුව සිතාගත නොහැකි බවත් යහපත් රාජ්‍ය පාලනය කේන්ද්‍ර කර ගත් බැදුම්කරයකට ගියහොත් ගෙවීමට ඇති පොලී අනුපාතයෙන් කොටසක් කප්පාදු කර ගත හැකි බවත් මේවාට පිළිතුරු නොමැති නිසා ජනාධිපති ගිය බවත් එය රටේ ජනතාවට කළ අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

හොරු රකින මල්වට්ටියටද අතගහන්න කියන්නේ

ජනාධිපතිවරයා මල් වට්ටියට අත ගහන්න කිව්වත් කෙහෙළියගේ ක්‍රියාදාමය අනුමත කරමින් අත් උස්සපු 113ක් සිටි බවත් ඖෂධ වංචාව රකින්න යැයි පැවසීමක් බවත් සංචාරක ක්ෂේත්‍රයේ වීසා ගැටලුව නිසා සිදු වූ හානියට එක්වන ලෙසද කියා ගැටලුවක් ඇති බවත් මේ වන විට රජය තරගයට බාර් බලපත්‍ර ලබා දී ඇති බවත් මෙම බාර් ලයිසන් ලබා ගත් අයගේ නම් හෙළිදරව් කරන ලෙසත් සමගි ජන බලවේගය කිසිදා බාර් ලයිසන් නොගන්නා බවත් සමගි ජන බලවේග රජයක් තුළ මේ බාර් බලපත්‍ර ඉවත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුබවාදී ඕනෑම දෙයකට සහයෝගය ලබා දෙන බවත් මහ බැංකු පනතට සහයෝගය දුන්නේ ඔවුන්ට හිතු හිතු හැටියට වැටුප් වැඩි කර ගැනීමට නොව දේශපාලනඥයන්ට හිතු හිතු වේලාවට මුදල් අච්චු ගැසීමට නොවන බවත් දූෂණ විරෝධී පනතට පවා සහයෝගය ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

ජර්මනියෙන් අලුත් සාක්ෂි ලැබිලා! ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම ලංකාවට BMW ‌ගෙන්වීමේදී ලොකු වංචාවක් වෙලා! යළි පරීක්ෂණයක් අරඹන්න අභියාචනාධිකරණය අවසර දෙයි! I Sri Lanka Latest News

Next Post

සල්ලි නෑ කියලා ආණ්ඩුව ඡන්දෙ තිබ්බෙත් නෑ! දැන් අවුරුද්දටම වෙන් කරපු සල්ලි මාස 6න් වියදම් කරන්නලු! කාවද මේ රවට්ටන්න හදන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.