මෙරටට පැමිණෙන විදේශිකයින් සදහා ඔන්ලයින් වීසා නිකුත් කිරිම සම්බන්ධයෙන් වු සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවතිබේ.Sri Lanka Latest News
රජයේ මුදල් පිළිබද කාරක සභාව අද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී රැස්වුණි.
මීට පෙර මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ දී මෙම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අද දින කමිටුවට පැමිණීමට එකඟතාවක් පළකර ඇති බව සදහන් වෙයි.
කෙසේවෙතත් ඊයේ සවස දැනුම්දීමක් සිදුකරමින් කමිටුව හමුවට පැමිණීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසා තිබේ.
අද පැවැති මුදල් කාරක සභාවට නොපැමිණීම මෙම කාරක සභාවට ගරු නොකිරිමක් ලෙස සලකන බවද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.










