පහුගිය කාලෙ රනිල් 13 දෙනවා කියලා රටම අවුස්සලා නටපු නාඩගමට මොකද වුණේ? එකපාරටම 13 යට ගියේ කොහොමද? රනිල්-දිනේෂ්-විජයදාස-සබ්‍රි-ප්‍රසන්න රහස් සාකච්ඡාවේ තොරතුරු මෙන්න!

පසුගිය කාලයේදී දේශපාලන ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ තවත් මාතෘකාවක් වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයය. මෙය මහත් ආන්දෝලනාත්මක එකක් වූයේ ජනාධිපතිවරයා හදිසියේම නිදහස් දිනට පළමුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කොට උතුරු නැගෙනහිරට බලතල ලබාදීමට පියවර ගන්නා බවට කළ ප්‍රකාශයත් සමගය. ඒ අනුව දකුණේ යම් යම් විරෝධතා මතුවුවත් ජනාධිපතිවරයා ඒ කිසිත් නොසලකා දෙමළ ජාතික සන්ධානය සමග කොළඹදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගත්තේය. එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුට මේ බව දැනුම් දීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව හැමෝම සිතා සිටියේ මෙවර නියත වශයෙන්ම ජනාධිපතිවරයා උතුරට ඉඩම් හා පොලිස් බලතල සහිතව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනු ඇතැයි කියාය.

කෙසේ වෙතත් පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඊට ජනාධිපතිවරයාට අමතරව සහභාගි වී සිටියේ අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, අලි සබි්‍ර යන කැබිනට් ඇමැතිවරුන්ය. මෙහිදී සාකච්ඡා වූයේ ආණ්ඩුව ඉන්දියාවටද පොරොන්දු වී ඇති පරිදි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ය. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ සාකච්ඡාවේදී විජයදාස රාජපක්ෂ මහතාත්, අලි සබි්‍ර මහතාත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට අනුමැතිය ලබා දෙමින් අදහස් ප්‍රකාශ කොට ඇති බවකි. නමුත් දිනේෂ් සහ ප්‍රසන්න ඊට එරෙහිව අදහස් දක්වමින් මේ අවස්ථාවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කළ යුතු නැති බවත්, ඒ හරහා නැති ප්‍රශ්නයක් රට ඇතුළේ මතුවිය හැකි බවත් පෙන්වා දී ඇති බව ආරංචිය. ජනාධිපතිවරයාද ඒ අවස්ථාවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ස්ථාවරයේ සිට අදහස් දක්වා නොමැති බවක් දැනගන්නට ඇත. ඒ අනුව අවසානයේදී නිරායාසයෙන්ම එම සාකච්ඡාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතු තැනට ඇදීගොස් ඇති ආකාරයක්ද වාර්තා වේ. ඒ අනුව එම සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව කී විජයදාස සහ අලි සබි්‍රද අවසානයේදී කට වහගත්තේ වැඩේ නොවන තැනට වැඩ සිද්ධ වී ඇති බව තේරුම් ගැනීම නිසාය. මහා ඝෝෂාවක් නගමින් මතුවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධන මාතෘකාව හිටිහැටියේම අතුරුදන් වී ගියේ මෙම සාකච්ඡාවෙන් පසුවය.

රාජ්‍ය රහස්

Exit mobile version