• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයාලේ ගිය පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට යළි නායකත්වය දෙන්න මහින්ද සූදානම් වෙයි! විජේරාම නිලනිවසේ කණ්ඩායම් රැස්වීම පවත්වන්න තීන්දු කරයි!

March 18, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මහින්ද යළිත් වැඩට බහී! පොහොට්ටු කාර්යාලයේ මුල් පුටුවේ වාඩිවෙයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රාජපක්ෂ පවුල යළි ඒකාබද්ධ වූ ආකාරයත්, ඒ හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයේ පිහිටුවීමේ සටන ආරම්භ කළ ආකාරයත් අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ එම මෙහෙයුමේ පළමු රැස්වීම මොනරාගලින් පැවැත්වීමට තීරණය කළ බවත්, එහි සංවිධාන කටයුතු රාජපක්ෂ පවුලේම ප්‍රමුඛ නියෝජිතයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත භාරදී ඇති බවත්ය. කෙසේවෙතත් බැසිල් ශෂීන්ද්‍ර වෙත මෙම රැස්වීම සංවිධාන කිරීමේ වගකීම භාරදුන්නේ ආවාට ගියාට නොව, ඒ පිළිබඳ හොඳින් කිරා මැන බලා කළ තේරීමකට අනුවය. බැසිල්ගේ ගණන් බැලීමට අනුව රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන ප්‍රබලයා ලෙස අභිෂේක ගැන්වීමට තීන්දු කොට ඇත්තේ වෙන කවුරුවත් නොව ශෂීන්ද්‍ර රාජපක්ෂය. මහින්දගෙන් කෙසේ වෙතත් ඊට ශිරන්තිගේ සහ නාමල්ගේ වැඩි කැමැත්තක් නොමැති බව දැනටමත් ප්‍රකාශ වී ඇති කරුණකි. ශිරන්තිගේ ඉලක්කය වී ඇත්තේ රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන ප්‍රබලයා ලෙස නාමල් අභිෂේක ගැන්වීමය.

කෙසේ වෙතත් තමන්ට භාරදුන් මෙහෙයුම තිතටම අවසන් කරමින් ශෂීන්ද්‍ර පසුගිය සතියේදී මහින්දව යළි අගමැති කිරීමේ සටන අරඹමින් මොනරාගල රැලිය සඳහා විශාල ජනකායක් ගෙන්වීමට පියවර ගෙන තිබිණි. ඇත්ත වශයෙන්ම මොනරාගල රැලිය මෑත කාලයේදී පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි පොහොට්ටුවේ සාර්ථක වූ එකම රැස්වීම විය. කෙසේ වෙතත් මෙහිදී කැපී පෙනෙනම සිදුවීම වූයේ මහින්ද ඊට පැමිණියද නාමල් ඊට සහභාගි නොවී තිබීමය. ඒ අනුව නැවත වටයකින් රාජපක්ෂ පවුල ඇතුළේ ඇති අර්බුදය මොනරාගල රැලිය හරහා එළියට පැමිණ ඇති ආකාරයක් දැකගත හැකි විය.

මේ අතර පසුගිය කාලය පුරාම අයාලේ ගිය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යළිත් එක මිටකට ගැනීමේ මෙහෙයුමක් මහින්දගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඒ අනුව මහින්ද සැලසුම් කර ඇත්තේ මින් ඉදිරියට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සිය නිල නිවෙස වූ විජේරාමේ පිහිටි නිවෙසේ පැවැත්වීමටය. පසුගිය කාලයේදී කෝටි ගණනක් වැයකර මෙම නිවෙස අලුත්වැඩියා කෙරුණු අතර, මන්ත්‍රීවරුන් විශාල පිරිසකට සහභාගි විය හැකි පරිදි අලුත්ම ශාලාවක්ද එහි ඉදිකොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මහින්ද මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට සැලසුම් කොට ඇත්තේ අලුතෙන් ඉදිකළ ශාලාවේය. මේ වන විට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ලෙස 95 දෙනකු පාර්ලිමේන්තුවේ සිටියද ඉන් කිහිප දෙනකුම ජනාධිපතිවරයා සමග කටයුතු කරන නිසා තවත් සැලකිය යුතු ප්‍රමාණයක් එහාමෙහා විය හැකි බව රාජපක්ෂවරුන්ගේ ගණන් හැදීම වී තිබේ. කෙසේ වෙතත් මේ සියලු දෙනාම එකතු කොට ගෙන ලබන මැයි, ජුනි මාස වන විට පොහොට්ටුව යළි ශක්තිමත් කිරීම රාජපක්ෂවරුන්ගේ අරමුණ වී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

සජිත් මරික්කාර්ගේ කොලොන්නාවට එයි! සජීවීව රැස්වීම මෙතැනින් බලන්න! LIVE VIDEO

Next Post

පහුගිය කාලෙ රනිල් 13 දෙනවා කියලා රටම අවුස්සලා නටපු නාඩගමට මොකද වුණේ? එකපාරටම 13 යට ගියේ කොහොමද? රනිල්-දිනේෂ්-විජයදාස-සබ්‍රි-ප්‍රසන්න රහස් සාකච්ඡාවේ තොරතුරු මෙන්න!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.