ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITELහි පුහුණු මධ්‍යස්ථානය වන SLT Training Centre (SLTTC) හි උපාධි ප්‍රදානෝත්සවය 2022 මාර්තු 09 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
එක්සත් රාජධානියේ University of Hertfordshire වෙතින් BEng (Hons) උපාධිය සහ එක්සත් රාජධානියේ Pearson වෙතින් BTEC HND Electrical and Electronic Engineering ඩිප්ලෝමාව හිමිකරගත් සිසු සිසුවියන් සඳහා මෙහිදී උපාධි හා සහතිකපත් පිරිනමන ලදී.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයන් ලෙස University of Hertfordshire හි භෞතික විද්‍යා, ඉංජිනේරු සහ පරිගණක විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය රොඩ්නි ඩේ සහ එම පීඨයේ සහකාර පීඨාධිපති (ඉංජිනේරු විද්‍යාව හා තාක්ෂණය) ෆීලික්ස් ෂූ යන මහත්වරුන් එක්වූ අතර, SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ යන මහත්වරුන් ප්‍රමුඛව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, SLTTC ආයතනයේ කථිකාචාර්යවරුන්, University of Hertfordshire සහ Pearson Education යන ආයතනවල නියෝජිතයන්, සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වූහ.