• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ලොක්කන් යයි කියනා මේ කාමුක හැත්ත!
දුක් මිස අපට සැප නොයොදන බව ඇත්ත!
නැත්තට නැති වුණත් නොබලා ඒ පැත්ත!
එක්වෙමු අපි අපිම කරනට කළ යුත්ත!
(උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 9, 2022
in Exclusive, Gurudawa
Reading Time: 8 mins read
A A
ලොක්කන් යයි කියනා මේ කාමුක හැත්ත!දුක් මිස අපට සැප නොයොදන බව ඇත්ත!නැත්තට නැති වුණත් නොබලා ඒ පැත්ත!එක්වෙමු අපි අපිම කරනට කළ යුත්ත!  (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘රාජපක්ෂලාත් ග්‍රීසියේ ජෝර්ජ් වගේ 5%ට වැටෙයිද?‘

2022 පෙබරවාරි 06 මෙම ලියුම්කරු ‘මව්රට’ පුවත්පතට ලියපු ‘ගුරුදා විග්‍රහයේ’ හෙඩිම ඕකය. එහි සඳහන් වූයේ 2011 ග්‍රීසියේ මතුවූ ආර්ථික අර්බුදයෙන් හෙම්බත්වී සිටි මිනිසුන් පාරට බැහැල එරට විධායක අගමැති ජෝර්ජ් පැපන්ඩෘට ගෙදර යන්න කී හැටිත්, පසුව ආර්ථික අර්බුදය ජයගන්න ඔහු විධායක අගමැති ධුරයෙන් ඉවත්වී ඡන්දයට ගිය විට ඔහුගේ පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 5%ට වැටුණු හැටිත්ය.

හැබැයි මෙම ලියුම්කරු මේ ලිපිය ලියන වෙලාවේ කවදාවත් ලංකාවේ මහජනතාව පාරට බැහැල ගෝඨාභයට ගෙදර යන්න කියයි කියා හිතුවේ නැත. මේ ලිපිය පළවී හරියටම මාස දෙකකි. අද ග්‍රීසියටත් වඩා දරුණු ලෙස මහජනතාව පාරට බැස ‘ගෝඨා ගෝ හෝම්’ කියා මර ළතෝනි දෙති. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දේශපාලන පක්ෂ මිනිසුන් පාරට ගේන විරෝධතා රැලි පෙළපාළි පැවැත්වීම සම්ප්‍රදායය. එම රැලිවලට එම විරෝධතාවලට බොහොමයක් එන්නේ එම පක්ෂවල පාක්ෂිකයන්ය. එම දේශපාලන පක්ෂ පාක්ෂිකයන්ව විරෝධතා රැලියකට හෝ පෙළපාළියකට ගෙන්වා ගන්න බස් දෙන්න, කෑම දෙන්න, බීම දෙන්න කෝටි ගණනක් වියදම් කරති. පසුගිය මෛත්‍රි-රනිල් ආණ්ඩුව පාස්කු බෝම්බයට පසු කොයි තරම් ජන අප්‍රසාදයට ලක්වුවත් එවක විපක්ෂයේ සිටි රාජපක්ෂලාට ආණ්ඩුවට එරෙහි රැලි තියන්න පෙළපාළි තියන්න පාක්ෂිකයෝ ගේන්න සල්ලි වීසි කරන්න සිදුවිය.

ඒත් අද රාජපක්ෂලාට ගෙදර යන්න කියන්න මිනිස්සු පාරට එන්නේ තමන්ගේ ශත පහත් වියදම් කරගෙනය. ගෙදර තියෙන කාඩ්බෝඩ් කෑල්ල උඩින් බෝල්පොයින්ට් පෑනෙන් හෝ ‘ගෝඨා ගෝ හෝම්’ කියා ලියාගෙනය. ග්‍රීසියේ ජෝර්ජ් පැපන්ඩෘට වුණත් මේ ටිකමය. ගෝඨාභයට සහ රාජපක්ෂ පවුලට වෙන දේ විග්‍රහ කරන්න කලින් පැපන්ඩෘලාට වෙච්ච හරිය මතක් කරගැනීම වටී. පහත දැක්වෙන්නේ 2022 පෙබරවාරි 06 ‘ගුරුදා විග්‍රහයේ’ කොටසකි.

“‘ජෝර්ජ් පැපන්ඩෘ වහාම ඉවත් විය යුතුයි. ඔහුට ආර්ථික අර්බුදය මැනේජ් කරගන්න බැහැ…

’ මේ 2011 ග්‍රීසියේ මතුවූ ආර්ථික අර්බුදයෙන් හෙම්බත්වී සිටි මිනිසුන් පාරට බැහැලා කී සටන් පාඨයය. පැපන්ඩෘ පවුල ග්‍රීසියේ බලවත් දේශපාලන පවුලකි. හරියට ලංකාවේ රාජපක්ෂ පවුල වගේය. ඔහුගේ සීයා කිහිප වරක්ම ග්‍රීසියේ අගමැති ධුරය දරපු අයෙකි. ඔහුගේ පියාත් ග්‍රීසියේ අගමැති ධුරය දැරුවේය. ග්‍රීසියේ පැරැණිතම විශාලතම පක්ෂය වූ පැසො පක්ෂය බිහි කළේත් ඔහුගේ පියාය. 2009 මහ ඡන්දයෙන් ජෝර්ජ් පැපන්ඩෘ අගමැති වූයේ අතිවිශාල බහුතරයකිනි.

‘පැපන්ඩෘ පවුල ග්‍රීසියේ මුල් ඇදලා තියෙන්නේ. ඔවුන්ව විනාශ කරන්න බැහැ…’

මේ, 2009 ජෝර්ජ් අගමැති වූ වෙලාවේ ග්‍රීසියේ පමණක් නොව ලෝකයේම දේශපාලන විචාරකයන් කී කතාවය. දේශප්‍රේමය පැපන්ඩෘ පවුලේ සහ පැසො පක්ෂයේ දේශපාලන න්‍යාය විය. ඒත් කවුරුත් නොසිතූ දෙයක් 2009 ජෝර්ජ්ගේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව සිදුවිය. ග්‍රීසියේ මහා ආර්ථික අර්බුදයක් පැනනැඟිණි. අර්බුදය කට ළඟටම ආවේ ජෝර්ජ් අගමැති වී හරියටම වසර දෙකකින්ය. ග්‍රීසියේ මිනිසුන් කීවේ ජෝර්ජ්ගේ නොහැකියාව මත මෙම අර්බුදය උපත ලද බවය. ඒත් ග්‍රීසියේ ආර්ථික විශේෂඥයන් කීවේ ජෝර්ජ් බලයට පැමිණෙන විට අර්බුදය බීජයක්ව පැවැති බවත්, ඔහු එය නොවිසඳා අර්බුදයක් නැති බව රටට පෙන්වන්න ගොස් අර්බුදය ග්‍රීසිය යටකරන සුනාමියක් බවට පත්වූ බවත්ය.

අර්බුදය මැද ජෝර්ජ් අසරණ විය. සීයාගේ හෝ පියාගේ කයිවාරු අහන්න මිනිසුන් සූදානම් නොවීය. දේශප්‍රේමය තවදුරටත් විකිණිය හැකි සටන් පාඨයක් නොවීය. බැරිම තැන ජෝර්ජ් පාර්ලිමේන්තුවේ තමාට විශ්වාසය පළ කරන යෝජනාවක් සම්මත කරගත්තේය. යෝජනාව දින්නායින් පසු ජෝර්ජ් සහ ඔහුගේ පක්ෂය ගැම්මක් ගත්තේය. ජාත්‍යන්තර විචාරකයන්ද කීවේ අර්බුදය ගොඩගන්න ජෝර්ජ්ගේ ආණ්ඩුවට දැන් ජනප්‍රිය නොවන තීරණ ගත හැකි බවය. ජෝර්ජ් ආඩම්බරයෙන් කීවේ ග්‍රීසියේ අස්ථාවරත්වය අවසන් වූ බවය. එහෙත් ජෝර්ජ්ට අර්බුදය ජයගන්න හැකියාවක් හෝ එඩිතරකමක් නොවීය. අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවා මේ අර්බුදය ජයගමු යැයි ජෝර්ජ් විපක්ෂ නායක අන්තෝනියෝ සමාරස්ට යෝජනා කළේය. විපක්ෂ නායකයා කෙළින්ම ඒ යෝජනාව ප්‍රතික්ෂෙප කළේය. අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවනවා නම් ජෝර්ජ් අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවටත්, නිර්පාක්ෂික අගමැතිවරයෙක් අන්තර් පාලන ආණ්ඩුවේ නායකයා විය යුතු බවටත් විපක්ෂ නායකයා යෝජනාවක් කළේය. ඒත් ජෝර්ජ් එයට අදිමදි කළේය.

‘ඔබට අර්බුදය විසඳාගන්න බැරිව බලයේ එල්ලී සිටියොත් ඔබගේ පවුලත් පක්ෂයත් විනාශ වෙයි. මේ වෙලාවෙ බලය අතහරින්න…’

ජෝර්ජ්ගේ උපදේශකයෝ කීහ. ජෝර්ජ් අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කැමැති විය. ඔහුගේ ඒ තීරණයට දැඩි ලෙස බලපෑවේ අර්බුදය විසඳන්න සහාය දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ඉදිරිපත් කළ කොන්දේසියය.

‘අර්බුදය විසඳන්න මහජන සහාය අවශ්‍යයි. විපක්ෂයේ පක්ෂ සහ ආණ්ඩුව අතර එකඟතාවක් අවශ්‍යයි…’

මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ජෝර්ජ්ට බලපෑම් කළේය.

‘අර්බුදය විසඳන සහන පැකේජයක් දෙන්න පුළුවන් ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් ඇති කළොත් පමණයි…’

මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ලෝකෙටම ඇහෙන්න කීවේය. ජෝර්ජ්ගේ ඉවත් වීමෙන් හිස් වූ අගමැති ධුරයට විපක්ෂ නායකගේ එකඟත්වයෙන් පත්වුණේ යුරෝපා සංගමයේ මහ බැංකුවේ උපසභාපතිවරයෙකි. ඔහු නිර්පාක්ෂික ආර්ථික විශාරදයෙක් විය. අන්තර් පාලන ජාතික ඒකාබද්ධතා ආණ්ඩුව පිහිටුවා වහාම මහ ඡන්දයට යා යුතුය යන්න විපක්ෂ නායකයාගේ කොන්දේසිය විය. නිර්පාක්ෂික අගමැති ඒ කොන්දේසිය ඉටු කළේය. එහෙත් මහ ඡන්දයෙන් කිසිවකුට බහුතර ආණ්ඩුවක් පිහිටුවාගත නොහැකි විය. මහ ඡන්ද කිහිපයකට පසු පැවැති මහ ඡන්දයෙන් විපක්ෂ නායකයා බහුතර ආසන දිනා අගමැති විය. 2009 මහ ඡන්දයෙන් 48%ක් ගත් ජෝර්ජ්ගේ පැසො පක්ෂය 2015 මහ ඡන්දයෙන් අන්ත පරාජයකට පත් වී ඡන්ද ප්‍රතිශතය 5%ට වැටිණි. ග්‍රීසියේ පැරැණිතම ප්‍රබල පක්ෂයේ මේ වැටීම ලෝක දේශපාලනය අර්ථ දැක්වූයේ ‘පැසොකිෆිකේෂන්’ ලෙසය.

‘රාජපක්ෂලාටත් පැපන්ඩෘ පවුලට වෙච්ච දෙයම වෙයිද?’”

‘ගුරුදා විග්‍රහය’
06.02.2022
‘මව්රට’

එදා කිව්වා වගේම අද ගෝඨාට පමණක් නොව මහින්දටත් ගෙදර යන තැනට රට අරාජික වී තිබේ. පැපන්ඩෘ තමාට විශ්වාසය පළකිරීමේ යෝජනා සම්මත කරගෙන බලයේ ඉන්න හැදුවා සේ රාජපක්ෂලාද තමන්ට පක්ෂ මන්ත්‍රීවරු ගණන් හදමින් බලයේ ඉන්න දත කයි. ඒත් පැපන්ඩෘට වගේ රාජපක්ෂලාටත් ආධාර දෙන්න නම් රටත්, ආණ්ඩුවත්, දේශපාලනයත් ස්ථාවර කරන්න යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දවස වැඩි ඈතක නොවේ. විශ්වාසය පළකිරීමේ යෝජනාව ජය ගෙන එදා ජෝර්ජ් පැපන්ඩෘ, ‘තමා ආණ්ඩුවත්, රටත් ස්ථාවර කළා, දැන් සාකච්ඡා කරමු’ යැයි මූල්‍ය අරමුදලට කියන විට මූල්‍ය අරමුදල ජෝර්ජ්ට පෙන්නුවේ ‘ජෝර්ජ් ගෝ හෝම්’ කියා පාරේ කෑගහන ජනතාවය. හෙට අනිද්දා බහුතරය කොහොම හරි හදාගෙන ඇමැති මණ්ඩලය පත් කරගෙන රාජපක්ෂලා, ‘දැන් ආණ්ඩුව ස්ථාවරයි, සාකච්ඡා කරමු’ කියා මූල්‍ය අරමුදලට කියන විට මූල්‍ය අරමුදල ‘ගෝඨා ගෝ හෝම්’ කියා පාරේ මර ළතෝනි දෙන මිනිස්සු පෙන්වනවා නිසැකය.
එදා අන්තිමේදී මහජන හඬට කන්දී අගමැති ධුරයෙන් ඉවත් වූ පැපන්ඩෘ ජාතිය අමතා සිය කතාව අවසන් කළේ මෙසේය.

‘මට පෙනෙන විදියට රට බංකොලොත් වීමෙන් බේරාගන්න යුරෝපා සංගමය, මූල්‍ය අරමුදල සමග අස්සන් කරන ඓතිහාසික ගිවිසුමට අස්සන් කරන්න හැමෝගෙම සහාය ඇති පුද්ගලයෙක් අවශ්‍යයි. මම හිතනවා ඒ තේරීම හරිම වැදගත්. මගේ චරිතය ජාතියෙ එක්සත්කමට බාධාවක් නොවිය යුතුයි…’

පැපන්ඩෘ ඉවත්ව යන විට විධායක අගමැති ධුරයට යෝජනා වූ නම් 05ක් විය.

  1. යුරෝපා සංගමයේ හිටපු උප සභාපති.
  2. යුරෝපා අධිකරණයේ සභාපති.
  3. කතානායක.
  4. නීති මහාචාර්යවරයෙක්.
  5. යුරෝපා සංගමයේ ඔම්බුඩ්ස්මන්.

මේ නම් පහෙන් පළමුවැනි නමට පක්ෂ සියල්ල කැමැති විය. පැපන්ඩෘ ඉවත්ව යන විට කවුද පත්වන්නේ කියලාවත් දැන සිටියේ නැත.

රාජපක්ෂලා හිතන්නේ රාජපක්ෂලා අතේම බලය තියාගෙන ජාතික ආණ්ඩුව හදන්නටය. ඒකට මහජනතාව ඉඩ දෙයි කියා සිතිය නොහැකිය. මේ මහජනතා නැඟිටීම අරාබි වසන්තය නොවේ. ලංකාවේ මිනිසුන්ට අරගල කරන්න අරාබි වසන්තයෙන් පාඩම් උගත යුතු නැත. ඒකට ඉතිහාසයම සාක්ෂි දරයි. 1815 ලංකාවේ මිනිස්සු ජන අප්‍රසාදයට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පන්නන්න සුද්දාට සහාය දුන්හ. ලංකාවේ මහානායක හිමිවරු මෙන්ම නිලමේවරුද එයට එක්වූහ. ඒත් සුද්දා තමන්ව රජකරවපු මහජනතාවත් මහා නායක හිමිවරුත්, නිලමේවරුත් රැවැටූහ. හරියටම වසර දෙකකට පසු ඒ රැවටිල්ලට එරෙහිව 1818 මිනිස්සු සුද්දාට එරෙහිව ඌව වෙල්ලස්සේ කැරැලි ගැසූහ.

ඒ වගේම 1970 බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ ලංකාවට සමාජවාදය ගෙන එන්න මහජනතාවට පොරොන්දුවක් දුන්නේය. ලංකාවේ වාමාංශික නායකයන් වූ ඇන්.ඇම්.ලා කොල්වින්ලා, දොස්තර වික්‍රමසිංහලා මහත් උද්දාමයෙන් ඒ පොරොන්දුව දුන්හ. ලංකාවේ තරුණ තරුණියන් එය විශ්වාස කොට සමගි පෙරමුණ තුනෙන් දෙකක බලයකින් බලයට ගෙන ආවේය. ඒත් සමගි පෙරමුණ ගෙනාපු සමාජවාදයක් නැත. කලකිරීමට පත් තරුණ තරුණියෝ 1971 කැරැල්ලට එක්වූහ.

2019 ගෝඨාභය ජනාධිපති වූයේත් මහ බැංකු හොරු අල්ලන්නම්, පාස්කු බෝම්බ මහමොළකරුවා අල්ලන්නම්, සිස්ටම් චේන්ජ් කරන්නම්, සිංහලයාගේ ආණ්ඩුවක් හදන්නම් කියාය. ඒත් බලයට ආවාට පසු ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය කඩන්න මහ බැංකු හොරු එක්ක ජාතික ආණ්ඩු හදන්න සාකච්ඡා පටන්ගත්තේය. පාස්කු මහමොළකරු හොයනවා වෙනුවට පාස්කු බෝම්බයෙන් පීඩනයට පත් කතෝලික පියතුමන්ලා රහස් පොලිසියට කැඳවන්නත්, කාදිනල් හිමිට මඩ ගහන්නත් පටන් ගත්තේය. ‘සිස්ටම් චේන්ජ්’ කියා ඇවිත් හොරුන් නිදහස් කරන්නත්, මිනීමරුවන් නිදහස් කරන්නත් රාජපක්ෂ පවුලට තනතුරු වරප්‍රසාද දෙන්නත් පටන්ගත්තේය. සිංහලයාගේ ආණ්ඩුවක් හදනවා කියා ඇවිත් මුස්ලිම් පක්ෂවලට වරදාන දී තුනෙන් දෙක හදාගත්තේය.

මහජනතාව පාරට බැහැලා තියෙන්නේ අංක එකට බඩගින්න නම්, අංක දෙක මේ රැවැටීමය. මේ ජනතා කැරැල්ල ඌව – වෙල්ලස්ස කැරැල්ලේත්, 1971 කැරැල්ලේත් දිගුවක් මිස අරාබි වසන්තයක් නොවේ. ශ්‍රී ලාංකිකයන්ගේ මේ අසාධාරණයට රැවටීමට එරෙහි කැරැලිකාරී ස්වභාවය දුටුවේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ය. ඇතැම් විට බියෙන් කම්මැළිකමෙන් වකුටුවී සිටින ලාංකිකයන්ගේ මේ කැරැලිකාරී ගතිය එළියට ගන්න උන්වහන්සේ ‘නිදහස් මන්ත්‍රණය’ නම් කවි පෙළ ගෙතුවේය. උන්වහන්සේ ලියපු ඒ කවි තරුණ තරුණියන් ‘ගෝ ගෝඨා’ කියා කෑමොර දෙද්දී අදටත් ඇහෙනවා වාගේය.

ලොක්කන් යයි කියනා මේ කාමුක හැත්ත
දුක් මිස අපට සැප නොයොදන බව ඇත්ත
නැත්තට නැති වුණත් නොබලා ඒ පැත්ත
එක්වෙමු අපි අපිම කරනට කළ යුත්ත

එස්. මහින්ද හිමි

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

SLT පුහුණු මධ්‍යස්ථානයේ උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ…

Next Post

ආණ්ඩුවේ කැරලිකරුවන් ඩලස් අගමැති කරන්න ලෑස්ති වෙයි!

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.