මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ 90 වැනි සංවත්සරයට සමගාමීව එහි ආදි ශිෂ්‍යා සංගමයේ සාමාජිකාවන් වෙනුවෙන් මහජන බැංකුවේ විශේෂිත ණය කාඩ්පත (Affinity Credit Card) හඳුන්වාදීම පසුගියදා පැවති ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීමේදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි එස්. සේනාධීර මහත්මිය, මහජන බැංකුවේ කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස්, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර කපිල දිසානායක, සහකාර ප්‍රාදේශීය කළමනාකාර ශමීර කුමාරපේලි, මහනුවර ජ්‍යෙෂ්ඨ කළමනාකාර ජනක ජයසිංහ, කාඩ් මධ්‍යස්ථානයේ අලෙවි කළමනාකාර අරුණ දන්තනාරායන යන මහත්වරුන් සහභාගි වූහ.
ADVERTISEMENT