• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක ඩිජිටල් පද්ධතිය ‘Lily Lanka’ නිල වශයෙන් ඇරඹෙයි! සංචාරකයා සවිබල ගන්වන, දේශීය සේවාදායකයා නංවාලන සහ මෙරට සංචාරක ආර්ථිකය ශක්තිමත් කරන දේශීය ඩිජිටල් දොරටුව! Sri Lanka Latest News

March 23, 2026
in Business
Reading Time: 8 mins read
A A
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක ඩිජිටල් පද්ධතිය ‘Lily Lanka’ නිල වශයෙන් ඇරඹෙයි! සංචාරකයා සවිබල ගන්වන, දේශීය සේවාදායකයා නංවාලන සහ මෙරට සංචාරක ආර්ථිකය ශක්තිමත් කරන දේශීය ඩිජිටල් දොරටුව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය සංචාරක වංශකතාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දිවයින පුරා සංචාරක අත්දැකීම් නව මානයකට ඔසවා තැබීම සඳහා මෙරටේදීම නිපදවූ ‘Lily Lanka’ ඩිජිටල් සංචාරක වේදිකාව අද දින නිල වශයෙන් ජනගත කෙරිණි.Sri Lanka Latest News

පියෙකු සහ දියණියක දුටු සුන්දර සිහිනයක මල්පල ගැන්වීමක් ලෙස ‘Lily Lanka’ හැඳින්විය හැකිය. හුදෙක් සරල අදහසකින් ඇරඹි මෙය, අද වන විට දැවැන්ත දැක්මක් දක්වා වර්ධනය වී ඇත. සංචාරකයෙකුට තම ගමනේ විවිධ කොටස් වෙන්කරවා ගැනීමට බොහෝ ක්‍රම තිබුණද, ඒ සියල්ල එකම තැනකට ගොනු කළ සහ සංචාරක කර්මාන්තයෙන් උපයන මුදල් රට තුළම රඳවා ගැනීමට මග පෙන්වන දේශීය ඩිජිටල් පද්ධතියක අඩුව ඔවුන් විසින් හඳුනා ගන්නා ලදී.

‘Lily Lanka’ බිහිවන්නේ එම අඩුව පුරවන්නටයි.

සංචාරකයා සවිබල ගන්වන වේදිකාවක්
සම්ප්‍රදායික සංචාරක සැලසුම් ක්‍රමවේදවලින් මිදී, තමන් කැමති පරිදි තම ගමන හැඩගස්වා ගැනීමට ‘Lily Lanka’ සංචාරකයාට මනාව ඉඩකඩ සලසා දෙයි. මෙම ඒකාබද්ධ වේදිකාව හරහා සංචාරක ගමනාන්ත ගවේෂණය කිරීමට, නවාතැන් තෝරා ගැනීමට, දේශීය මගපෙන්වන්නන් හා සම්බන්ධ වීමට, ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට සහ සංචාරක සැලසුම් (Itinerary) සකස් කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම ජාතික ජාලයන් හා සම්බන්ධිත eSIM තාක්ෂණය ඔස්සේ ආරක්ෂිත සන්නිවේදන සබඳතාවක් ද තහවුරු කෙරේ.

අපගේ අරමුණ ඉතා සරලයි. එනම්, සංචාරක සැලසුම්කරණය වඩාත් පහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය බව ඇති කරමින්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය තමන්ටම අනන්‍ය වූ ආකාරයකින් විඳගැනීමේ නිදහස සංචාරකයාට ලබා දීමයි.

දේශීය සංචාරක සේවා සපයන්නන් දිරිගැන්වීම
Lily Lanka හි හදවත වන්නේ මෙරට ජනතාවයි. මුළුමහත් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි විසිරී සිටින සංචාරක සේවා සපයන්නන් ලෝකවාසී සංචාරකයින් සමඟ ඒකාබද්ධ කිරීම මෙහි මූලික අභිලාෂයයි. නිවෙස්ගත නවාතැන් (Homestays) සහ බුටික් විලා (Boutique Villas) වල සිට බලපත්‍රලාභී මගපෙන්වන්නන් සහ ප්‍රවාහන සේවා සපයන්නන් දක්වා වූ සැමට, ජාත්‍යන්තර සංචාරකයා වෙත සෘජුවම ප්‍රවේශ විය හැකි ඩිජිටල් පාලමක් මෙයින් නිර්මාණය වේ. මෙම සෘජු සබඳතාවය හරහා, ජාත්‍යන්තර අතරමැදියන් වෙත ගලා යන මුදල් මෙරට තුළම රඳවා ගනිමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට Lily Lanka කැපවී සිටියි.

ආරක්ෂිත සංචාරයක නව නිර්වචනය
මෙරට සංචාරක තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් තබමින්, Lily Lanka හරහා සංචාරක රක්ෂණ පහසුකම් සෘජුවම ලබාගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. පීපල්ස් ඉන්ෂුවරන්ස් (People’s Insurance) ආයතනය හා අත්වැල් බැඳගනිමින්, සංචාරකයෙකුට දිවයිනට පැමිණීමට පෙරම ඉතා පහසුවෙන් රක්ෂණාවරණයක් ලබාගත හැකිය.

ගුවන් තොටුපළට ගොඩබැසීමේ සිට යළි පිටත්ව යන තෙක්ම සංචාරකයාට උපරිම ආරක්ෂාවක් සහ විශ්වාසයක් ලබාදීමට මෙම සේවාව සමත්වනු ඇත. මෙය, ශ්‍රී ලාංකීය සංචාරක වේදිකාවක් මගින් හඳුන්වා දුන් ප්‍රථම සහ සුවිශේෂීම රක්ෂණ ඒකාබද්ධතාවයයි.

විශ්වසනීය ගමනකට අත්‍යවශ්‍ය පහසුකම්
නූතන සංචාරකයාගේ අවශ්‍යතා හඳුනා ගනිමින්, Lily Lanka සිය පද්ධතිය තුළට තවත් සුවිශේෂී පහසුකම් ඇතුළත් කර ඇත. ඩයලොග් ආසියාටා (Dialog Axiata) සමඟ ඇති සහයෝගීතාවය මත සංචාරකයින්ට දිවයිනට පැමිණි විගස ක්‍රියාත්මක වන පරිදි eSIM සබඳතාව ලබාගත හැකිය. මීට අමතරව, හදිසි අවස්ථාවකදී අවශ්‍ය විය හැකි ස්ථාන වලට මගපෙන්වන, ස්ථානීය දත්ත සහිත SOS විශේෂාංගයක් ද මෙයට ඇතුළත් වේ.

වගකීම් සහගත සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මෙහෙයුමක්
Lily Lanka නිර්මාණය කර ඇත්තේ මෙරට නියාමන රාමුවලට අනුකූලව සහ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුවයි. විනිවිදභාවය, වගවීම සහ විශ්වාසනීයත්වය පෙරදැරි කරගත් මෙම නවෝත්පාදනය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය උදෙසා කැපවී සිටියි.

ජාතික අභිමානය පිළිබිඹු කරන අනන්‍යතාවය
Lily Lanka යන නාමය අපගේ ජාතික පුෂ්පය වන මානෙල් (Blue Water Lily) මලෙන් ආභාසය ලබා ඇත. මානෙල් මල සුන්දරත්වයේත්, ශක්තිමත් බවේත් සහ සන්සුන් බවේත් සංකේතයකි. ජලය මතුපිටින් නැගී එන මානෙල් මලක් මෙන්, Lily Lanka යනු ශ්‍රී ලංකාව සහ ලෝකවාසී සංචාරකයින් යා කරන දේශීයත්වයේ අභිමානවත් පුෂ්පයකි.

සංචාරක ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක්
Lily Lanka යනු හුදෙක් ජංගම දුරකථන හෝ පරිගණක යෙදුමක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ, ශ්‍රී ලාංකිකයින් විසින් ලොවට තිළිණ කළ ඩිජිටල් අත්වැලකි.

ගෝලීය සංචාරක ක්ෂේත්‍රය වෙනස් වන වේගයට අනුකූලව, දේශීය අනන්‍යතාවය සහ තිරසාර සංචාරක දැක්ම මනාව මුසු වූ නවෝත්පාදනයක් ලෙස Lily Lanka අද පෙරමුණ ගෙන සිටියි.

Lily Lanka
ශ්‍රී ලංකාව සොයා යන ඔබේම මඟ
(Discover Sri Lanka, your way)

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කෝටිපතියන්ටත් තෙල් මිල සහනය දෙනවා වෙනුවට මැද පන්තියේ දුප්පත් පන්තියේ ජනතාවට දෙන ක්‍රමයක් හදන්න! දූෂිත ගල්අඟුරු ගනුදෙනුවේ පාඩුව ජනතාව පිට පටවන්න එපා! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සාකච්ඡා සාර්ථකයි! ට්‍රම්ප්ගෙන් දින 5ක සටන් විරාමයක්! ඉරානයෙන් නොසිතූ පිළිතුරක්! සාකච්ඡා කතා බොරු! ඔය හදන්නේ තෙල් මිල බස්සගන්න! I Sri Lanka Latest News

MORE NEWS

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.