ශ්‍රී ලංකාවට මෙන්ම ගෝලීය ඔටිසම් දැනුවත් කිරීමේ ප්‍රජාවටද සුවිශේෂී ජයග්‍රහණයක් එක්කරමින්, Merak 2026 විසින් ලොව දිගම “සංවේදක පුවරුව” නිර්මාණය කරමින් ගිනස් ලෝක වාර්තාව නිල වශයෙන් හිමිකරගෙන ඇත. කලාව, ඇතුළත්කරණය, තිරසාරභාවය සහ මහජන දැනුවත් කිරීම එකට එක්කළ මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ සමාජීය දැනුවත් කිරීමේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. Sri Lanka Latest News
The Tree House International ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ Merak 2026 ව්‍යාපෘතිය සඳහා කලාකරුවන්, විශ්වවිද්‍යාල, පාසල්, ජාත්‍යන්තර සංවිධාන සහ ප්‍රජා කණ්ඩායම් රැසක් එකමුතු වූ අතර, විවිධ සංවේදන අත්දැකීම් සහ ඔටිසම් ප්‍රජාවේ ජීවිත අත්දැකීම් නිරූපණය කරමින් මෙම වාර්තාගත නිර්මාණය බිහි කෙරිණි. මීටර් 60ක් දිග මෙම සංවේදක පුවරුවේ සෑම කොටසකම ප්‍රතිචක්‍රීකරණය කළ මුහුදු ප්ලාස්ටික්, නැවත භාවිතයට ගත් ද්‍රව්‍ය, සිප්, සීකුවින් සහ විවිධ සංවේදන අංග ඇතුළත් කරමින්, ඔටිසම් පිළිබඳ අවබෝධය වැඩිදියුණු කරන අත්විඳිය හැකි දැනුවත් කිරීමේ අත්දැකීමක් නිර්මාණය කර ඇත.
මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘ සහ The Tree House International ආයතනයේ ආරම්භක Dr. Anton James මහතා සඳහන් කළේ, “මෙය මාස 21ක කැපවීමක ප්‍රතිඵලයක්. අපගේ අරමුණ ගිනස් ලෝක වාර්තාවක් ලබා ගැනීම පමණක් නොව, ඔටිසම් පිළිබඳ සංවාදය සමාජයේ ප්‍රධාන ධාරාවට ගෙන ඒමයි. කලාව, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සහ ප්‍රතිචක්‍රීකරණය කළ මුහුදු අපද්‍රව්‍ය භාවිතය හරහා තරුණ ප්‍රජාව, පරිසර හිතකාමී කණ්ඩායම් සහ නිර්මාණශීලී ප්‍රජාවන් මේ ව්‍යාපෘතියට එක්වුණා. අද මෙය ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්කළ ලොව විශාලතම ඔටිසම් දැනුවත් කිරීමේ එකමුතු ව්‍යාපෘතිවලින් එකක් බවට පත්වී තිබෙනවා,” යනුවෙනි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ Nyne Hotels ආයතනයේ ආරම්භක Nayantara Fonseka මහත්මිය සඳහන් කළේ, “අපට ආගන්තුක සත්කාරය කියන්නේ ලස්සන ස්ථාන නිර්මාණය කිරීම පමණක් නොවේ. සමාජයට සම්බන්ධ වෙමින් සැබෑවටම වැදගත් වන හේතු සඳහා සහයෝගය ලබාදීමත් එහි කොටසක්. Merak 2026 සහ ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ මෙහෙවරට සහයෝගය ලබාදීම අපට ගෞරවයක්,” යනුවෙනි.
The Kayden Cares Framework ආයතනයේ ආරම්භක සහ ප්‍රධාන අනුග්‍රාහිකාවක් වන Soshana Wijeratne Austin මහත්මිය පැවසුවේ, “සංවේදක පුවරුව සඳහා අනුග්‍රහය ලබාදීම හරහා Kayden Cares තම සත්කාරය සහ කැපවීම ජනතාවට දැකීමටත්, ස්පර්ශ කිරීමටත්, අත්විඳීමටත් හැකි අත්දැකීමක් බවට පත්කරනවා,” යනුවෙනි.
ගිනස් ලෝක වාර්තා නිල ජ්‍යෙෂ්ඨ විනිශ්චයකරු Swapnil Dangarikar මහතා මෙම වාර්තා උත්සාහය නිල වශයෙන් තහවුරු කිරීමට සහභාගී වූ අතර, “මේ සියල්ලම කලා කෘතිවලට සමානයි. විස්තරාත්මක නිර්මාණය, භාවිතා කළ අංග, වර්ණ සංයෝජන සහ මේ සියල්ල එකට ගොඩනැගීමට දැරූ මහන්සිය ඇත්තෙන්ම අගය කළ යුතුයි. ඒ වගේම මෙය මෙතරම් යහපත් අරමුණක් වෙනුවෙන් සිදුකරන නිසා, මෙම වාර්තාව සාර්ථක බව නිල වශයෙන් තහවුරු කිරීමට මෙහි සිටීම ගැන මම ඉතා සතුටු වෙනවා. ඔබ සැම ඇත්තවශයෙන්ම අතිවිශිෂ්ටයි,” යනුවෙන් ප්‍රශංසා කළේය.
මෙම වැඩසටහන සඳහා යාපනය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය සහ KIU විශ්වවිද්‍යාලය ඇතුළු අධ්‍යාපන ආයතන රැසක් දායක වූ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු රාජ්‍යතාන්ත්‍රික ආයතන සහ ප්‍රජා සංවිධානද එක්විය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා සඳහන් කළේ, “සෑම ගෘහයකම අවම වශයෙන් එක් පුද්ගලයෙකුටවත් ඔටිසම් පිළිබඳ අවබෝධයක් ඇති කිරීම යන Merak දැක්ම, සැබෑ සහ දිගුකාලීන වෙනසක් සඳහා ඉතා වැදගත්,” යනුවෙනි.
දිවයින පුරා කලාකරුවන් සහ නිර්මාණකරුවන් මෙම සංවේදක පුවරුව සඳහා සිය සංස්කෘතික සහ නිර්මාණාත්මක අදහස් එක්කරමින්, මෙය මානවත්වය නිරූපණය කරන ජීවමාන නිර්මාණයක් බවට පත් කළහ. සමගාමීව පැවැත්වූ ප්‍රජා වැඩසටහන් හරහා අඩු පහසුකම් සහිත ප්රදේශවලටද ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීම රැගෙන යාමට හැකි විය.
මාලදිවයිනේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ Care Society Charity ඇතුළු ජාත්‍යන්තර ආයතනද මෙම ව්‍යාපෘතියට සහයෝගය ලබාදී තිබූ අතර, International Behaviour Analysis Organisation (IBAO) හි සභාපති Dr. Michael M. Mueller මහතා සඳහන් කළේ, “ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීම තවමත් ලෝකයේ බොහෝ ප්‍රදේශවල අභියෝගයක්. සාක්ෂි පදනම් කරගත් චර්යා ප්‍රතිකාර සේවා තවමත් බොහෝ පවුල් වෙත ප්‍රවේශ විය නොහැකි තත්ත්වයක පවතිනවා,” යනුවෙනි.
Psychological Society of Ireland හි සභාපතිනිය Sarah Cassidy මහත්මියද ව්‍යාපෘතියට සහයෝගය පළ කරමින්, “ඔටිසම් පුද්ගලයන්ගේ අත්දැකීම් නොසලකා හරින වැරදි මහජන අදහස්වලට අභියෝග කිරීම අත්‍යවශ්‍යයි. සැබෑ ඇතුළත්කරණය සිදුවන්නේ ඔටිසම් ජීවිතවල සංකීර්ණත්වය සහ විවිධත්වය අප ඇත්තවශයෙන්ම පිළිගන්නා විටයි” යනුවෙන් ප්‍රකාශ කළාය.
මෙම වාර්තාගත සංවේදක පුවරුව 2026 මැයි 16 සහ 17 දිනවල BMICH පරිශ්‍රයේදී මහජන ප්‍රදර්ශනයට තබා තිබූ අතර, පසුව එහි තෝරාගත් කොටස් ශ්‍රී ලංකාව සහ ලෝකයේ පාර්ලිමේන්තු, කලාගාර, රෝහල්, පුස්තකාල සහ වෙළඳසැල් වෙත රැගෙන යාමට නියමිතය.
Merak 2026 සඳහා Nyne Hotels සහ The Kayden Cares Framework ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, I See You සහ Infinite Grace Foundation, Hatton National Bank, Phoenix, Diamond Best Food, Pulse, Anim8, CAL, MAC Holdings, Mode Engineering, SZ Behaviour Consultancy සහ The Tree House International දෙමාපියන් ඇතුළු ආයතන රැසක් සහයෝගය ලබාදී තිබුණි.
ශ්‍රී ලංකාව මෙම ගෝලීය ජයග්‍රහණය සමරන අතර, Merak 2026 යනු වාර්තා බිඳ දැමීමකට වඩා, අවබෝධය ගොඩනැගීමට ප්‍රජාව, නිර්මාණශීලීත්වය සහ අරමුණ එකට එක්වූ විට සිදුවිය හැකි දේ පිළිබඳ සජීවී සාක්ෂියකි.




ප්‍රියන්ත හෙට්ටිගේ











