ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ.
‘බලගන්වමු සිහින – ව්‍යාපාරයට සවිමත් සබැඳියාවක්’ යනුවෙන් නම්කර ඇති මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර ලෝකයේ වෙනස්කම්වලට හොඳින් අනුගත වෙමින් අඛණ්ඩව දියුණුව කරා යාමට එම ව්‍යාපාරවලට අත්වැලක් වීමය.
SLT-MOBITEL මේ වන විට ව්‍යාපාර ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන දුරකතන සේවා, අන්තර්ජාල සේවා, ව්‍යාපාරික යෙදවුම්, රූපවාහිනී සේවා හා Cloud තාක්ෂණ විසඳුම් ඇතුළු විසඳුම් හා සේවා රාශියක් හඳුන්වාදී තිබේ. මේ අතරින් Vobox, Voice Unlimited, Biztunes, SLTM Bizchat, SLTM e-Siphala, Business Internet Links, VPN Solutions, Akaza Solutions සහ PABX Solutions යනාදිය ප්‍රධාන තැනක් ගනී.