ලබන සඳුදා (14) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් දෙදෙනකු ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර එම ගමන මුල්කොට ගෙන මුදල් අමාත්‍යංශය සහ මහබැංකුව අතර යළිත් වතාවක් මතගැටුමක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනා සඳුදා දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අඟහරුවාදා දින ජනාධිපතිවරයා මුණගැසීමට සැලසුම් කර ඇති බව පැවසේ.
ලංකා රජය කළ ඉල්ලීමකට අනුව ඉදිරියේදී ණය ආධාර ලබාදීම සඳහා වූ කොන්දේසි ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී මූල්‍ය අරමුදලේ නිලධාරීන් ආණ්ඩුවට ලබාදීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පුවත් පළකොට ඇති ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කොට ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුල්කරගෙන මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණෙන බවකි.
බැසිල් රාජපක්ෂ මහතාද සූදානමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පවත්වන සාකච්ජාවේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටය.
එසේ තිබියදී මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමේ සදහන් කොට ඇත්තේ ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ජා නොවන බවකි.
ඒ අනුව මුදල් අමාත්‍යංශය සහ මහබැංකුව අතර ඇති ගැටුම මෙම සිදුවීම හරහාද එළියට පැමිණ ඇති බවක් දැකගන්නට තිබේ.
මීට පෙර අපි අවස්ථා ගණනාවකදීම මෙම අර්බූදය පිළිබදව වාර්තා කිරීමට පියවර ගත්තෙමු.
Meetings of Sri Lankan authorities with @IMFNews officials over the next few weeks are NOT for the purpose of #debt restructuring as stated by some news agencies. @CBSL #SriLanka #GoSL
— Ajith Nivard Cabraal (@an_cabraal) March 11, 2022