• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ග්‍රහ බලය අමතක කර අමාරුවේ වැටෙනවද?

March 12, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
ග්‍රහ බලය අමතක කර අමාරුවේ වැටෙනවද?
Share on WhatsAppShare on Facebook

යමක් පිළිගැනීම හෝ බැහැර කිරීම මිනිසාගේ මනස අනුව තීරණය වෙයි. උපහාසයෙන් බැහැර කරනු ලබන නොපෙනෙන බලවේගයන් පිළිබඳ මිනිසා බොහෝ විටෙක උදාසීනව අසුබවාදී කරුණු දකියි. එහෙත් යම් පීඩාවක්, ව්‍යසනයක් තුළ නොපෙනෙන බලවේගයක හෝ පිහිට පැතීමට මිනිසා මැළි නොවෙයි. අපලය, අසුබය, මානසික පිරිහීම වැනි දේට සහනයක් ලබාගැනීමට යක්ෂ, ප්‍රේත, භූත කොටස්වල පිහිට පතමින් නොයෙකුත් ශාන්තිකර්ම පිළිවෙත් කිරීමට නැඹුරු වෙයි. ඇතැම්හු පුද පඬුරු ගෙන දේවාල, කෝවිල් කරා ඇදෙති.

අපලය, අසුබය යනු මිනිසාට අයහපත උදාවීමයි. දිවි ගමනේ බාධක මතුවීම ජන්මියා මානසිකව පිරිහීමට පත්කරවයි. අසුබයක් දිගුකාලීනව දිවියට බලපෑමක් ගෙන දෙන්නේ නම් එය කේන්දර සටහනෙන් නිර්වචනය කරනු ලබන්නේ අපල කාලය ලෙසය.

සියල්ල සිදුවන්නේ කර්මපලය හෙවත් ග්‍රහයන්ගේ සුබ අසුබ විපාක මතය. ග්‍රහ මඬුල්ලේ ප්‍රධානත්වය දරන රවි ග්‍රහයාගෙන් නිකුත් වන විශාල කිරණ වර්ණාවලිය සප්ත වර්ණයන්ගෙන් පරිපූර්ණය. තවත් වර්ණ රැසක් ඇති නමුත් එය පියවි ඇසට නොපෙනෙයි.

රවි ග්‍රහයාගේ මෙම කිරණ තරංගයෝ විශ්වයම ආලෝකවත් කිරීමට සමත්ය. රවි ග්‍රහයාගේ මෙම බලවත් තරංගයන් ජීවී අජීවී සියලු වස්තූන්ටද සඳු, බුධ, සිකුරු ආදී ග්‍රහ මඬුල්ලේ සෑම ග්‍රහ වස්තුවකටමද තම බලය බෙදා හරියි.

රවි ග්‍රහයාගේ බලපෑම අනෙකුත් ග්‍රහයන් වෙත යොමුවී එහි පරාවර්තනය ජීවී, අජීවී සැමට විවිධ වූ බලය හා ශක්තීන් ලබාදෙයි. ජන්මියකුගේ ක්‍රියාකාරීත්වය, දියුණුව, පරාජය ආදී සියල්ල ග්‍රහයන් විසින් පැහැදිලිව පෙන්වා දෙනු ලබයි. උපතේ සිට කර්මානුරූපව ලැබෙන ග්‍රහ තරංග විවිධය. විෂමය. කර්මය සහ ග්‍රහ කිරණ අතර සාපේක්ෂතාව ජන්මියාගෙන් ජන්මියාට වෙනස් වෙයි.

ග්‍රහ කිරණ බලපෑම මත චිත්තය තුළින් ඇතිවන ක්‍රියාත්මක වේගය විවිධ වෙයි. කෝපය සහ ශෝකය තුළ සිතුවිලි වෙනස් වීම, එය රුධිර සංසරණයට බලපෑම, ශාරීරික, මානසික වෙනස්වීම් ඇතිකරවයි. පූර්ව කර්මානුරූපව හිමිවන ග්‍රහ කිරණ සංයුතිය මිනිසාගේ වර්තමාන පැවැත්මේ ඉදිරි ගමනට උපකාරයකි.

ජීවමාන ලෝකයේ ක්‍රියාකාරීත්වයට ග්‍රහ කිරණ මූලික වන්නා සේම ඇසට නොපෙනෙන ජීව තරංගයෝද බලවත්ය. මෙම තරංග හුවමාරුව සත්ව ලෝකය තුළ විශේෂිතය. මිනිසාට නොපෙනෙන ආලෝක කිරණ සත්ව ලෝකයට යහපත්ව දර්ශනය වෙයි. බල්ලාට සහ බළලාට රාත්‍රියේදී පවා වර්ණ හඳුනාගැනීමට හැකිය. කිරණ තරංග වටහා ගැනීමට හැකිය.

දෑසට නොපෙනෙන අමනුෂ්‍ය බලවේගයන් දැකීමේ ඉතා විශේෂ හැකියාවක් බල්ලාට සහ බළලාට උපතින්ම උරුමව ඇති බවට විශ්වාසයක් පවතී. නිදා සිටින බල්ලන් කන්පට ගැසීම, කන් යොමා සවන් දීම, බිරීම හෝ නැවත නිදාගැනීම බල්ලාට දැනෙන සංඥා අනුව සිදුවන්නකි.

භූමි කම්පා, නායයෑම් පළමුව හඳුනාගන්නේ තිරිසන් සතුන්ය. පෙරනිමිති හඳුනාගැනීමේ හැකියාව මත සත්ව ලෝකයේ සත්‍ය පුවත් මැවුණු ආකාරය පසුගිය කාලවකවානුව තුළ ප්‍රධානය.

මිනිසා සහ වෘක්ෂ අතර සබඳතාවද බලවත්ය. ගසක සෙවණ මිනිසාට සිසිලස සලසයි. සුවය ලබාදෙයි. බෝ සෙවණ මිනිසාට හිතකර වන්නේ බෝ ගසින් නිකුත් වන කිරණ මිනිස් ශරීරයේ පැවැත්මට හිතකර නිසාය. ගසක රසායනික සංයුතිය හා සබැඳියාව මිනිසා අතීතයේ සිටම වටහාගෙන සිටි බවට වාස්තු විද්‍යාව සාධක සපයයි.

නිවාස සඳහා දැව දඬු භාවිතයේදී ඇතැම් දැව සුදුසු නුසුදුසු වීම, දැව දඬු සුබ නැකැතට සුබ දිශාවට තැබීම නියතියකි. මනස යහපත් වීම, මිනිස් ශරීරයෙන් යහපත්වූ කිරණ තරංගයන් නිකුත් වීමට හේතුවකි.

යහපත් මනසකට ග්‍රහ කිරණයන්හි යහපත් බලය අත්‍යාවශ්‍ය වෙයි. එම ග්‍රහ බලය සඳහා පෙර සසරෙහි කුසල් බලයද සාධනීය වෙයි.

ආලෝක කිරණ, ජීව තරංග යනු මිනිස් දිවියට ආගන්තුක බලයක් හෝ බලවේගයක් නොවේ. හිරු මූලික ග්‍රහ වස්තූන්ගේ කිරණ බලය මිනිසාට ජීවය සලසන්නේ මිනිසාගේ විශ්වයේ රැඳි කුසලාකුසල ශක්තිය මතය. විශ්ව තලයට පරාවර්තනය වන ග්‍රහ බලය සමස්ත සත්ව ලෝකයටත් ගහකොළවලටත් බලය පතුරුවයි. කිරණ බලය, ජීවතරංග බලය මෙලෙස යැයි අපට හඳුනාගත හැකි ප්‍රබල සාධකය ජ්‍යොතිෂයයි. එයට නොපෙනෙන සියලු බලවේගයන්ගේ ශක්තියද අන්තර්ගතව ඇත. ජ්‍යොතිෂයෙන් බැබළෙන සූර්යයාගේ බල කිරණය විස්මිතය.

ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

මහජන බැංකුව ප්‍රංශයේදී පැවැති කලාපීය තිරසර මූල්‍ය සාකච්ඡාවට එක්වේ…

Next Post

SLT-MOBITEL වෙතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සුවිශේෂ අත්වැලක්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.