යමක් පිළිගැනීම හෝ බැහැර කිරීම මිනිසාගේ මනස අනුව තීරණය වෙයි. උපහාසයෙන් බැහැර කරනු ලබන නොපෙනෙන බලවේගයන් පිළිබඳ මිනිසා බොහෝ විටෙක උදාසීනව අසුබවාදී කරුණු දකියි. එහෙත් යම් පීඩාවක්, ව්‍යසනයක් තුළ නොපෙනෙන බලවේගයක හෝ පිහිට පැතීමට මිනිසා මැළි නොවෙයි. අපලය, අසුබය, මානසික පිරිහීම වැනි දේට සහනයක් ලබාගැනීමට යක්ෂ, ප්‍රේත, භූත කොටස්වල පිහිට පතමින් නොයෙකුත් ශාන්තිකර්ම පිළිවෙත් කිරීමට නැඹුරු වෙයි. ඇතැම්හු පුද පඬුරු ගෙන දේවාල, කෝවිල් කරා ඇදෙති.
අපලය, අසුබය යනු මිනිසාට අයහපත උදාවීමයි. දිවි ගමනේ බාධක මතුවීම ජන්මියා මානසිකව පිරිහීමට පත්කරවයි. අසුබයක් දිගුකාලීනව දිවියට බලපෑමක් ගෙන දෙන්නේ නම් එය කේන්දර සටහනෙන් නිර්වචනය කරනු ලබන්නේ අපල කාලය ලෙසය.
සියල්ල සිදුවන්නේ කර්මපලය හෙවත් ග්‍රහයන්ගේ සුබ අසුබ විපාක මතය. ග්‍රහ මඬුල්ලේ ප්‍රධානත්වය දරන රවි ග්‍රහයාගෙන් නිකුත් වන විශාල කිරණ වර්ණාවලිය සප්ත වර්ණයන්ගෙන් පරිපූර්ණය. තවත් වර්ණ රැසක් ඇති නමුත් එය පියවි ඇසට නොපෙනෙයි.
රවි ග්‍රහයාගේ මෙම කිරණ තරංගයෝ විශ්වයම ආලෝකවත් කිරීමට සමත්ය. රවි ග්‍රහයාගේ මෙම බලවත් තරංගයන් ජීවී අජීවී සියලු වස්තූන්ටද සඳු, බුධ, සිකුරු ආදී ග්‍රහ මඬුල්ලේ සෑම ග්‍රහ වස්තුවකටමද තම බලය බෙදා හරියි.
රවි ග්‍රහයාගේ බලපෑම අනෙකුත් ග්‍රහයන් වෙත යොමුවී එහි පරාවර්තනය ජීවී, අජීවී සැමට විවිධ වූ බලය හා ශක්තීන් ලබාදෙයි. ජන්මියකුගේ ක්‍රියාකාරීත්වය, දියුණුව, පරාජය ආදී සියල්ල ග්‍රහයන් විසින් පැහැදිලිව පෙන්වා දෙනු ලබයි. උපතේ සිට කර්මානුරූපව ලැබෙන ග්‍රහ තරංග විවිධය. විෂමය. කර්මය සහ ග්‍රහ කිරණ අතර සාපේක්ෂතාව ජන්මියාගෙන් ජන්මියාට වෙනස් වෙයි.
ග්‍රහ කිරණ බලපෑම මත චිත්තය තුළින් ඇතිවන ක්‍රියාත්මක වේගය විවිධ වෙයි. කෝපය සහ ශෝකය තුළ සිතුවිලි වෙනස් වීම, එය රුධිර සංසරණයට බලපෑම, ශාරීරික, මානසික වෙනස්වීම් ඇතිකරවයි. පූර්ව කර්මානුරූපව හිමිවන ග්‍රහ කිරණ සංයුතිය මිනිසාගේ වර්තමාන පැවැත්මේ ඉදිරි ගමනට උපකාරයකි.
ජීවමාන ලෝකයේ ක්‍රියාකාරීත්වයට ග්‍රහ කිරණ මූලික වන්නා සේම ඇසට නොපෙනෙන ජීව තරංගයෝද බලවත්ය. මෙම තරංග හුවමාරුව සත්ව ලෝකය තුළ විශේෂිතය. මිනිසාට නොපෙනෙන ආලෝක කිරණ සත්ව ලෝකයට යහපත්ව දර්ශනය වෙයි. බල්ලාට සහ බළලාට රාත්‍රියේදී පවා වර්ණ හඳුනාගැනීමට හැකිය. කිරණ තරංග වටහා ගැනීමට හැකිය.
දෑසට නොපෙනෙන අමනුෂ්‍ය බලවේගයන් දැකීමේ ඉතා විශේෂ හැකියාවක් බල්ලාට සහ බළලාට උපතින්ම උරුමව ඇති බවට විශ්වාසයක් පවතී. නිදා සිටින බල්ලන් කන්පට ගැසීම, කන් යොමා සවන් දීම, බිරීම හෝ නැවත නිදාගැනීම බල්ලාට දැනෙන සංඥා අනුව සිදුවන්නකි.
භූමි කම්පා, නායයෑම් පළමුව හඳුනාගන්නේ තිරිසන් සතුන්ය. පෙරනිමිති හඳුනාගැනීමේ හැකියාව මත සත්ව ලෝකයේ සත්‍ය පුවත් මැවුණු ආකාරය පසුගිය කාලවකවානුව තුළ ප්‍රධානය.
මිනිසා සහ වෘක්ෂ අතර සබඳතාවද බලවත්ය. ගසක සෙවණ මිනිසාට සිසිලස සලසයි. සුවය ලබාදෙයි. බෝ සෙවණ මිනිසාට හිතකර වන්නේ බෝ ගසින් නිකුත් වන කිරණ මිනිස් ශරීරයේ පැවැත්මට හිතකර නිසාය. ගසක රසායනික සංයුතිය හා සබැඳියාව මිනිසා අතීතයේ සිටම වටහාගෙන සිටි බවට වාස්තු විද්‍යාව සාධක සපයයි.
නිවාස සඳහා දැව දඬු භාවිතයේදී ඇතැම් දැව සුදුසු නුසුදුසු වීම, දැව දඬු සුබ නැකැතට සුබ දිශාවට තැබීම නියතියකි. මනස යහපත් වීම, මිනිස් ශරීරයෙන් යහපත්වූ කිරණ තරංගයන් නිකුත් වීමට හේතුවකි.
යහපත් මනසකට ග්‍රහ කිරණයන්හි යහපත් බලය අත්‍යාවශ්‍ය වෙයි. එම ග්‍රහ බලය සඳහා පෙර සසරෙහි කුසල් බලයද සාධනීය වෙයි.
ආලෝක කිරණ, ජීව තරංග යනු මිනිස් දිවියට ආගන්තුක බලයක් හෝ බලවේගයක් නොවේ. හිරු මූලික ග්‍රහ වස්තූන්ගේ කිරණ බලය මිනිසාට ජීවය සලසන්නේ මිනිසාගේ විශ්වයේ රැඳි කුසලාකුසල ශක්තිය මතය. විශ්ව තලයට පරාවර්තනය වන ග්‍රහ බලය සමස්ත සත්ව ලෝකයටත් ගහකොළවලටත් බලය පතුරුවයි. කිරණ බලය, ජීවතරංග බලය මෙලෙස යැයි අපට හඳුනාගත හැකි ප්‍රබල සාධකය ජ්‍යොතිෂයයි. එයට නොපෙනෙන සියලු බලවේගයන්ගේ ශක්තියද අන්තර්ගතව ඇත. ජ්‍යොතිෂයෙන් බැබළෙන සූර්යයාගේ බල කිරණය විස්මිතය.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති