ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පසුගියදා රොටුන්ඩා ටවර්ස් හිදී විවෘත කළේය.
මෙම මධ්‍යස්ථානයේදී Drive-through ක්‍රමයට සේවාවන් ලබාගත හැකි වීම විශේෂත්වයකි.
අංක 109, රොටුන්ඩා ටවර්ස්, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා ඇති මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ, MOBITEL (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක සහ MOBITEL (පුද්.) සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයෝ පිරිසක් එක්වූහ.