• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතෙන හිතෙන විදිහට ආණ්ඩුව කරන පඩි වැඩි කිරීම් ගැන විශේෂඥ වෛද්‍යවරුන් විශ්මයෙන්-කනස්සල්ලෙන්! අනතුරු ඇඟවීමක් කරමින් නිවේදනයකුත් නිකුත් කරයි!

February 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
හිතෙන හිතෙන විදිහට ආණ්ඩුව කරන පඩි වැඩි කිරීම් ගැන විශේෂඥ වෛද්‍යවරුන් විශ්මයෙන්-කනස්සල්ලෙන්! අනතුරු ඇඟවීමක් කරමින් නිවේදනයකුත් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව පිළිගත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව විවිධ ක්ෂේත්‍රයන්ට සිදු කරන වැටුප් වැඩි කිරීම පිළිබදව කනස්සල්ල සහ විමතිය පළ කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය ‌මෙසේය.

ජාතික වැටුප් ප්‍රතිපත්ති අභිබවා යෝජනා  වන අවිධිමත්  වැටුප් සංශෝධන

පිලිගත් ආයතන වල ප්‍රතිපත්තිවලට පටහැනිව සෞඛ්‍ය සේවාව තුල   සිදු වෙමින් පවතින  වැටුප් හා අමතර දීමනා සංශෝධන හරහා   සෞඛ්‍ය සේවයේ විවිධ වෘත්තීකයින් අතර පවතින අසහනකාරී තත්වය අපට ඉතා දැඩි කණස්සල්ලක් ඇති කරන හේතුවක් මෙන්ම එය අපගේ විශ්මයට ද කරුණකි.

සෞඛ්‍ය අංශයේ හා රාජ්‍ය සේවයේ අන් අංශවල දැනට පවතින ඕනෑම වැටුප්  විෂමතාවයක්     සංශෝධනය කිරීමේදී ඒ සඳහා  විශේෂයෙන්   පත් කර ඇති ජාතික වැටුප් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් එම සේවකයින්ගේ සුදුසුකම් මත ඔවුන්ගේ පිලිගත් වෘත්තිමය කුසලතා අනුපිළිවෙල රැකෙන පරිදි මෙම වැටුප් සංශෝධන කළ යුතු බව අපි අවධාරණය කරමු.

එමෙන්ම එවැනි සංශෝධන කිසි විටෙකත්  බලවත් වෘත්තිය සමිති අවශ්‍යතා මත පත්කළ  තාවකාලික කොමිසමක් හරහා හෝ හදිසි කැබිනට් තීරණ මගින් නොවිය යුතු බවද අපි අවධාරණය කරමු.

පිලිගත් නීතිමය රාමුවෙන් පිටත සිට ගන්නා එවැනි තීරන හා සංශෝධන   මගින් සෞඛ්‍ය අංශ වල මෙන්ම රජයේ අනිකුත් අංශ වල ඇති විය හැකි විරෝධතා මෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ග හරහා රාජ්‍ය සේවය ඉතාමත් දැඩි ලෙස අකර්මණ්‍ය වීම මගින්  රාජ්‍ය සේවය  සම්පූර්ණයෙන්ම අඩපණ වීමට ඉඩ ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් ලෙස, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්  මෙන්ම අධිකරණයේ සාමාජිකයන්ගේ වැටුප් හා සැසදීමේදී අපගේ වැටුප්  තලය සහ අනෙකුත් දීමනා (DAT allowance ) ගැන යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් තිබුණද අනිසි ක්‍රමවේදයන් හරහා අපගේ වැටුප්  සංශෝධනය කර ගැනීමට අප කිසිවිටකත් උත්සාහ කර නැත. අප සැමවිටම නියමිත ක්‍රමවේදය වන ජාතික වැටුප් කොමිසම හරහා එය සිදු කිරීමට උත්සාහ දරා ඇත.

එමනිසා බලධාරීන් විසින් වැටුප් සංශෝධන සඳහා පත්කර ඇති  ආයතන සහ නීතිමය ක්‍රියාමාර්ගයෙන් පරිබාහිරව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් වෘත්තීය සංගමයක් ලෙස අපට ද  සිදුවන්නේ අන් වෘත්තිය සමිති අනුගමනය කරමින් ඊට සමගාමී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම  පමණකි.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

SendShareShare
Previous Post

SLT-MOBITEL වෙතින් Drive-through පහසුකම් සහිත පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්…

Next Post

රට හෙල්ලෙන හඬ පට රැසක් ලන්සාගේ පෙට්ටගමේ! ගැහුවොත් එකින් එක එළියට! සනත්ගෙ එක එළියට දැම්මා! ඊළඟ එක බරපතළයි! EXCLUSIVE

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.