• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පන්සල් ඇතුළෙ පැල් බැඳගෙන පවුල් කාපු කවුද මේ ගණින්නාන්සේ බලකාය…

February 19, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
පන්සල් ඇතුළෙ පැල් බැඳගෙන පවුල් කාපු කවුද මේ ගණින්නාන්සේ බලකාය…
Share on WhatsAppShare on Facebook

කන්ද උඩරට අහසේ සුපුරුදු වලා රටා මැවෙමින් තිබිණි. කඳු පන්ති අතරින් හමාගෙන ආවේ සිසිල් සුවදායී සුළඟකි. එකී සුළං රැලි භේදයකින් තොරව සියලු ඉසව් සකසාලමින් විසිරී යද්දී එවක සුප්‍රසිද්ධ විහාරස්ථානයක ආවාසගේ ඉදිරිපිට ආලින්දයේ වූ අසුනේ වාඩිවී සිටියේ කහ පැහැ වස්ත්‍රයක් ගත දවටාගත් තැනැත්තෙකි. බැලූ බැල්මට ශ්‍රමණධාරී පෙනුමකින් හෙබි එම තැනැත්තා ඉදිරිපිට තවත් අයෙක් ඉංග්‍රීසි බසින් මොන මොනවාදෝ කියමින් සිටියේය. හෙතෙම එතැනින් යන්නට ගියේ ඈතින් මතුව ආ කාන්තා රුව පන්සලේ වැලි මළුවේ පා තබන හඬට සවස් දෙමිනි. දිය නාන්නට ගොස් තෙත කොණ්ඩය කඩා ඉහිරුවා ගෙන පැමිණි කාන්තාව ආවාසය තුළට ගියේ ඉදිරිපස අසුනේ හුන් ගණින්නාන්සේ දෙස කෝමල බැල්මක්ද හෙළමිනි. ඇය දෙස ඉතා උනන්දුවෙන් බලා සිටි ගණින්නාන්සේද කට කොනකට නඟාගත් සිනාවක්ද සහිතව ආවාසය තුළට රිංගා ගත්තේ ගිජු බැල්මකින් මුහුණ පුරවාගනිමිනි. ගතවූයේ නිමේෂයකි. කුටු කුටු හඬ අතරින් කෝමල හිනා අඩුවකින් තොරව ඇසෙන්නට පටන්ගත්තේය.

ඔබ ඒ කියවූයේ මීට බොහෝ කලකට පෙර ගණින්නාන්සේලා මෙරට වෙහෙර විහාරස්ථාන අත්පත් කරගෙන සිටි යුගයේ කාගේත් නෙත ගැටුණු සුලබ දසුනකි. වර්තමානයේ එවැන්නක් පන්සලක ආවාසයක තබා වෙහෙර විහාරස්ථානයකට සම්බන්ධ භූමියකවත් සිදුවීම මහා අපුල දසුනක් වුවද ගණින්නාන්සේගේ නමින් ප්‍රකට පිරිස වෙහෙර විහාරස්ථානයන්හි බලය අත්පත් කරගත් යුගයේ මේ අපුල දසුන් නිතර නිතර දක්නට ලැබුණු බව ඉතිහාස කතා අතරේත් ජනප්‍රවාද ඇසුරේත් අසන්නට ලැබෙයි.

එවකට වෙහෙර විහාරස්ථාන සතු ධන ධාන්‍ය දේපළ ඉඩකඩම් කෙරෙහි ලොබ බඳිමින් එකී සැප සම්පත් භුක්ති විඳීමේ ආශාවකින් පෙළුණු ගණින්නාන්සේගේ සතුරු සේනාවක් ලෙසින් මෙරට වෙහෙර විහාරස්ථානයන්හි බලය අල්ලාගැනීමේ මෙහෙයුමක් දියත් කළා යැයි කීමද වරදක් නොවේ.

එකල බොහෝ විහාරස්ථානයන්හි අධිපති ධුර අත්පත් කරගෙන සිටියේ ගණින්නාන්සේලාය. ඔවුහු සිත් සේ වෙහෙර විහාරස්ථානයන්හි දේපළ භුක්ති විඳිමින් අඹුදරුවන් පෝෂණය කරමින් අමුතුම ජීවිත ගත කළහ.

බුද්ධ ශාසනය රැකීම හෝ බෞද්ධයාගේ දියුණුව කෙරෙහි අංශු මාත්‍රයක හෝ හැඟීමක් නොවූ ඔවුන්ට අවශ්‍ය වූයේ තමාට සිත් සේ සැපය විඳිමින් ජීවත් වීම පමණක්ම වූ අතර උපසම්පදාව ගැන හෝ පන්සිල් පද පහ ගැනවත් දැනීමක් නොවූ මොවුහු ශාසනයට කැපව තිබූ වතුපිටි දේපළ තමන්ගේ පාරම්පරික උරුමයක් සේ සලකමින් ජීවත් වූහ.

ඒ සියල්ලට අමතරව විවිධ වෙළෙඳ ව්‍යාපාරයන්හි නියැළීමද ගණින්නාන්සේලාගේ අභිප්‍රාය වූ බව පැහැදිලි වෙයි. එමෙන්ම වගා කටයුතුවල නියැළීමෙන් වතුපිටි සම්බන්ධ වෙනත් කටයුතු කෙරෙහිත් උනන්දු වූ මොවුන් පන්සල සතු දේපළ ඒ සඳහා භාවිත කළහ. එලෙස බාහිර සමාජය හා සම්බන්ධතා ගොඩනගා ගනිමින් අඹුදරුවන් පෝෂණය කරමින් බුද්ධ ශාසනය අමතක කර පන්සල යනු තම සැපය සඳහා ඉදිවූවක් සේ සලකා ක්‍රියාකිරීමේ පුරුද්දක් ගණින්නාන්සේ සතුව තිබුණා යැයි පැවැසීම සාධාරණය. කෙසේ හෝ පන්සල භාවිතයට ගෙන පාලනාධිකාරිය තමන්ට අවනත කරගැනීමට ඔවුහු යම් යම් උපක්‍රමද භාවිත කළහ.

කෙසේ වෙතත් ගණින්නාන්සේට වෙහෙර විහාරස්ථානවල බලය අල්ලාගැනීමට හේතු රාශියක් බලපෑ බව ඉතිහාසය දෙස බලද්දී පැහැදිලි වෙයි. ලන්දේසි පාලන සමයේදී යම් යම් සීමාකිරීම්වලට කොටු වූ බුදු දහමට ඊටත් එහා ගිය අහිතකර පීඩාවක් ගෙන දුන්නේ උඩරට රාජධානි සමයේය.

එවක බුදු දහමට වඩා වැඩි ගෞරවයක් දෙවියන්ට හිමිකර දෙමින් කෝට්ටේ ධර්මපාල රජු පෘතුගීසින්ගේ ආරක්ෂාව ලබන අතරේම ශිව ආගමද වැලඳ ගත්තේය. මේ හේතු නිසාම බුදු සසුනේ පැවැත්ම යම් දෙගිඩියාවකට පත්විය. එහෙයින් කන්ද උඩරට උපසම්පදාව සහිතව වැඩවිසූ භික්ෂු පරපුර ක්‍රමයෙන් අවසන් වී ගියේ කාගේත් අවාසනාවටය.

උපසම්පදාව සහිත භික්ෂු පරපුර වඳවී යෑමත් සමග රාජ්‍ය බලයට ඍජුව සම්බන්ධ විය හැකි බලපෑම් කළ හැකි පන්සලේ බලය අල්ලා ගන්නට ගණින්නාන්සේලාට අපහසු නොවීය. ඔවුහු සිතූ සිතූ සේ වෙහෙර විහාරයන්හි බලය තමන් සතු කරගනිමින් තම තමන්ගේ මනාපය පරිදි සාංඝික දේපළ භුක්ති විඳිමින් කම්සැපයට ගිජු වෙමින් අමුතුම ජීවිත ගත කළහ.

මේ කාලයේ පළමු වැනි විමලධර්මසූරිය රජු රාජ්‍ය බලය අල්ලාගත්තේ යළිත් බුදු සසුන නඟාසිටුවීමේ අරමුණ ඇතිව වුවද උපසම්පදා සිල්වත් භික්ෂු පරපුර තමන්ට බාධාවක් වෙතැයි දන්නා ගණින්නාන්සේලා ඊට ඉඩ නොදී විවිධ බාධා පැමිණවූයේ තම පැවැත්ම තහවුරු කරගැනීමටය.

එහෙත් බුද්ධ ශාසනයට සිදුවන මහත් වූ විනාශය මනසින් දුටු වැලිවිට සරණංකර හිමියන් සියලු අභියෝග පරදා යළිත් මෙරට උපසම්පදා භික්ෂු පරපුරක් පිහිටුවනවාය යන අදිටන ඇතිව කරළියට ආවේ ‘සිල්වත් සමාගම’ නමින් සංවිධානයක්ද ඇතිකරගනිමිනි.

බුදු සසුන නඟාසිටුවීම තමන්ට පමණක් කළ නොහැකි බව දත් සරණංකර හිමියයෝ ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීමට සූක්ෂ්මව සැලසුම් දියත් කළහ. කිසිදු ශාසන ධර්මතාවක්, චාරිත්‍රයක් ආරක්ෂා නොකළ එවැන්නක් ක්‍රියාවට නොනැඟූ ගණින්නාන්සේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි බලය බිඳ කෙසේ හෝ මෙරට වෙහෙර විහාරස්ථාන සිල්වත් සඟ පරපුරකට උරුම කරමි යැයි සිතා සරණංකර හිමියන් සිල්වත් සමාගමේ සඟ පරපුර සමග පාත්‍ර ඇතිව පිණ්ඩපාතයට වැඩියේ එවක රාජ්‍ය පාලනය කළ ශ්‍රී විජය රාජසිංහ රජුගේ අවධානය දිනාගනිමිනි.

ඒ අනුව ගණින්නාන්සේගෙන් සිදුවන අයහපත දුටු ශ්‍රී විජය රාජසිංහ රජු, වැලිවිට සරණංකර හිමියන් ප්‍රමුඛ සිල්වත් සමාගමට උදව් කරන්නට ඉදිරිපත් විය.

ඒ අනුව උපසම්පදා බලය මෙරට තුළ ස්ථාපිත කෙරෙන අතරම පිරිසිදු උපසම්පදාව මෙරටට ගෙන ඒමේ අරමුණ ඇතිව ශ්‍රී විජය රාජසිංහ රජු ලන්දේසින් සමග සාකච්ඡාවට යොමු වූයේ ලන්දේසින්ගේ උදව් ඇතිව බුදු දහම සහිත වෙනත් රටවලට මෙරට දූත පිරිසක් පිටත් කර යැවීමේ අදහසිනි.

ඒ අනුව එලෙස පිටත් කළ පිරිසට මැදගම සහ උරුලෑවත්ත යනුවෙන් හඳුන්වන සාමණේර දෙපළක්, හිප්පොල, බෝගමුව, පුස්සල, උඩුව, අන්දරවැට යන රාජ්‍ය නිලධාරීන්ද ඇතුළත් වූහ. වසර දෙකක කාලයක් තායිලන්තයේ ගත කළ එකී පිරිස ලංකාවට පැමිණියේ සුබ ආරංචියක්ද රැගෙනය. ඒ, හයවැනි පරාක්‍රමබාහු රජ සමයේ මෙරටින් තායිලන්තයට ගොස් පිරිසිදු ථෙරවාද බුදු සමය සුරකිමින් වැඩසිටින සිල්වත් සඟ පරපුරක් එහි වෙසෙන බවට පුවතකි. එය ඇසූ රජු ඉමහත් සතුටට පත්ව එම සිල්වත් සඟ පරපුර මෙරටට වැඩමවාලීමට දූත පිරිසක් පිටත් කර හැරියේය.

එහෙත් අවාසනාවකට එම උපසම්පදා සඟ පරපුර මෙරටට වැඩමවන්නට ප්‍රථම ශ්‍රී විජය රාජසිංහ රජු මියපරලොව ගියේය. මේ පුවත ඇසූ තායිලන්ත රජු සිය දේශයේ සිට උපසම්පදා භික්ෂුන් ලංකාවට එවීම ලංකාවේ නව රජු පත්වන තුරු ප්‍රමාද කළේය.

මෙරට කිරුළ දරාගත් නව රජු ලෙස කීර්ති ශ්‍රී රාජසිංහ රජු සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි යළිත් දූත පිරිසක් තායිලන්තය බලා පිටත් කර හැරියේ තමන්ද උපසම්පදා භික්ෂුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින බව තායිලන්ත රජුට සැලකර සිටිමිනි.

අනාගතයේදී උපසම්පදා භික්ෂු පරපුරක් ලක්බිමට පැමිණීමට පිඹුරුපත් සකසන බව දැනගත් ගණින්නාන්සේලා ප්‍රමුඛ ගලේබණ්ඩාරලා එම උත්සාහය කඩාකප්පල් කිරීමට කළ හැකි සියලු දේ කිරීමට පෙලඹී තිබේ. ඒ සඳහා හත්තබුරේ ගණින්නාන්සේ රහසිගතව තායිලන්තයට පවා ගොස් විවිධ කුමන්ත්‍රණ දියත් කිරීමට පියවර ගෙන තිබේ. එවක යම් හේතුවක් මත හෝ තායිලන්ත රජ පවුලේ ආශීර්වාදය නොලැබුණහොත් තමන් රහසේම උපසම්පදාව රැගෙන ලංකාවට පැමිණෙනවා යැයි පොරොන්දු දී සිටි මහා අරියමුණි හිමියන්ගේ හිසට මොට ආයුධයකින් පහරදීමට පවා ගණින්නාන්සේ කටයුතු කර තිබිණි.

ප්‍රශ්නයේ බැරෑරුම් ස්වභාවය තේරුම් ගත් තායිලන්ත රජු විල්බාවේගෙදර මුදියන්සේගේ සහයෝගය ඇතිව මහ තෙරණුවන් පහළොස් දෙනකු ප්‍රමුඛ සාමණේර හිමිවරු හත්දෙනෙකු ලංකාවට එවීමට ක්‍රියා කරන්නේ විශේෂිතව නිෂ්පාදනය කළ රුවල් නැවකිනි. එය විල්බාවේගෙදර මුදියන්සේගේ ඉල්ලීමකට අනුව නිපදවා ‘සේසලී’ නමින් නම් කරන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් වේ.

මාස හයක කාලයක් ගතකොට සේසලී රුවල් නැව ලන්දේසී වෙළෙඳ සමාගමේ මූලස්ථානය පිහිටි බතාවියටත්, ඉන් අනතුරුව ඔස්තාපල් නම් රුවල් නැවෙන් ලංකාවට පැමිණීමට පිටත් වන පිරිස යළිත් ලක්බිමට උතුම් උපසම්පදා භික්ෂු පරපුරක් උරුම කරමින් 1753 මැයි 20 වැනි දින මේ පොළෝ තලයට පා තබන්නේ එතෙක් ගණින්නාන්සේ සතුව පැවැති විහාරාරාමවල බලය නිදහස් කර ගනිමිනි. බුදු සසුනත් රටත් සුරැකීමේ මහා කාර්යභාරයට මුල් පියවර තබමිනි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් ඉත්තෑපානට…

Next Post

SLT-MOBITEL වෙතින් Drive-through පහසුකම් සහිත පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.