‘ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL, දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ අනාගත පරපුර ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා පිරිනැමීමෙහිලාද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. ඒ අනුව විශේෂීකරණය වූ අධ්‍යාපන ආයතනයක් ලෙස ඉතාමත් දියුණු මට්ටමකට පිවිසීමට, ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය හෙවත් SLTTC සමත්ව තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යමණ්ඩලයේ කුසලතා නැංවීම වෙනුවෙන් ආරම්භ කෙරුණු SLTTC මේ වනවිට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවන තරුණ වෘත්තීය අපේක්ෂකයන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදෙන ප්‍රමුඛ ආයතනයක් බවට වර්ධනය වී තිබීම කැපීපෙනේ. ආරම්භක අවධියේදී දුරකතන සන්නිවේදනයේ උපාධි මට්ටම දක්වා ඉගෙනීමට ආධාරක වන ඉංජිනේරු පාඨමාලා මෙහිදී පිරිනැමුණු අතර, මේ වනවිට දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන ඕනෑම අයකුට වැදගත් පුළුල් විෂය පරාසයක පාඨමාලා එමඟින් හඳුන්වාදී ඇත.
මෙසේ අධ්‍යයන පාඨමාලා පිරිනැමීමේදී එක්සත් රාජධානියේ Hertfordshire සරසවිය (විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවේදය, ඉලෙක්ට්‍රොනික් හා සන්නිවේදන ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික් සහ පරිගණක ඉංජිනේරු විෂය ධාරාවන්ට අදාළ ගෞරව උපාධි පාඨමාලා) සහ Pearson BTEC (පරිගණක හා විද්‍යුත්/ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උසස් ජාතික ඩිප්ලෝමා) වැනි ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන ආයතන සමඟ සහයෝගීතාවන්ටද එළඹ තිබේ.











