පසුගිය දිනවල ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉස්ලාමීය සටන්කාමී ජිහාඩ් කණ්ඩායමේ ඉහළම අණ දෙන නායකයකු වන ගාසා තීරයේ ජිහාඩ් නායකයා වූ හසම් අබූ හර්බීඩ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
වසර 15ක් පුරා ඔහු උතුරු ජිහාඩ් සටන්කාමීන්ගේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායලය වෙත එල්ල කළ රොකට් ප්‍රහාරවලට වගකිව යුත්තේ හසම් බවද පැවසේ.










