2021 මාර්තු 01 වැනි දින සෙලාන් බැංකුව හා Mintpay අතර ඇතිකර ගත් පෙරළිකාරී සහයෝගීතාව නිසා පාරිභෝගිකයන්ට අතේ මුදල් නොමැතිව වුවත් Buy Now, Pay Later (මිලදීගැනීම, පසු ගෙවීම) විසඳුම භාවිත කරමින් තමන්ට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට හැකියාව ලැබී තිබේ. Mintpay AI ගෙවීම් ක්‍රමවේදය මගින් සවිබලගැන්වූ ව්‍යාපාරික ආයතන වෙතින් සිදුකරන මිලදී ගැනීම්වලදී මෙම පහසුව අත්විඳීමට දැන් සෙලාන් ගනුදෙනුකරුවන්ට හැකියාව ඇත. බොහෝ මූල්‍ය සේවා සැපයුම්කරුවන් වාරික පදනම් කරගත් ගෙවීම් ක්‍රමෝපායන් භාවිත කරන අතර, වෙළෙඳ ස්ථානයන් වෙත පිවිසෙමින් සිය ගනුදෙනුව වාරික ගෙවීම් සැලසුමක් යටතේ සිදුකිරීමට හැකියාව තිබේද හෝ මූල්‍ය සේවා ආයතනය අමතමින් අදාළ ගනුදෙනුව වාරික ගෙවීම් සැලසුමකට හරවාගත හැකිදැයි විමසීමට පාරිභෝගිකයාට සිදුවේ. නමුත් Mintpay ගෙවීම් ක්‍රමෝපාය විසින් මෙම දුෂ්කරතාවන් මගහරවන අතර එම අවශ්‍යතා සියල්ල ස්වයංක්‍රීය ක්‍රියාවලියක් මගින් පාලනය කෙරේ.
සෙලාන් බැංකුව හා Mintpay අතර ගිවිසුම මගින් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් සිදුකරන බොහෝ ශ්‍රී ලාංකිකයන් පිරිසකට වටිනා අවස්ථා රැසක් නිර්මාණය කරයි. Mintpay ගෙවීම් ක්‍රමෝපායෙහි තාක්ෂණික සංවර්ධනයන් Algoredge (PVT) LTD විසින් සිදුකර තිබෙන අතර, අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් සිදුකරන වෙළෙඳ ආයතන හා පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම මෙය නැවුම් අත්දැකීමකි. Mintpay සේවාව භාවිතය සඳහා එහි ලියාපදිංචි වී සිටින ඕනෑම අන්තර්ජාල වෙළෙඳසලක් වෙතින් තම මිලදී ගැනීමේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට හැකියාව ඇති අතර, ඒ සඳහා තමන් Mintpay ලියාපදිංචි වී සිටින ගිණුම ඔස්සේ එය පරීක්ෂා කිරීමට හැකියාව ඇත.