ජාතික සන්නිවේදන පෙරගමන්කරු ලෙස තම කාර්යභාරය මැනවින් ඉටුකරමින් SLT සමූහය අතිගරු ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශයන්ට අනුව ලංකාගම ග්‍රාමයට අධිවේගී සන්නිවේදන පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය 2020 සැප්තැම්බර් 20 වැනිදා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා, SLT සහ මොබිටෙල් සමූහය ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා, SLT ප්‍රධාන විධායක නිලධාරි කීර්ති පෙරේරා මහතා, SLT ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්.බී.පී. ෆර්නැන්ඩස් මහතා, SLT ප්‍රධාන අලෙවි නිලධාරි ප්‍රභාත් දහනායක මහතා, මොබිටෙල් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි සුදර්ශන ගීගනගේ මහතා, මොබිටෙල් ආයතනයේ ප්‍රධාන අලෙවි නිලධාරි ශශික සෙනරත් මහතා, SLT මොබිටෙල් තාක්ෂණ හවුල්කරුවන් වන Huwaei, ZTE සහ අනෙකුත් නිලධාරීන් ඇතුළු ලංකාගම ග්‍රාමීය ප්‍රජාවද සහභාගි විය.











