සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා (Allianz Lanka) සමග එක්වී, රථවාහන රක්ෂණ වාරික සඳහා සුවිශේෂ දීමනා එකතුවක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් අලියාන්ස් ලංකා සමාගමේ රක්ෂණ වාරික ගෙවීමේදී, මෝටර් රථ රක්ෂණ සඳහා 18%ක ස්ථාවර වට්ටමක්ද, අනෙකුත් වාහන රක්ෂණ සඳහා 20%ක් දක්වා වට්ටම්ද හිමිවනු ඇත. එමෙන්ම සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට තම රක්ෂණ වාරිකය මාස 12ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගැනීමටද අවස්ථාව හිමි වේ.