පහරදීම් නිසා අස්ථි බිදීම, සිගරට් කොටවලින් පුළුස්සනු ලැබීම හෝ ලිංගික අතවරයන්ට ලක් වීම වැනි දරුණු හිංසනයන්ට ලක්වන දරුවකු හෝ දෙදෙනෙකු සෑම දිනකම ළමා රෝහලට ඇතුළු කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
දෙමව්පියන් නැති දරුවන් දහතුන් දහසක් පමණ ළමා නිවාසවල සිටින බවද, වෛද්‍යවරයා පවසයි.
ශාරීරික හා මානසික පීඩාවන්ට සෑම දිනකම දරුවන් ගොදුරුවන බවත්, අතරවයට පත්වූ දරුවන් දහස් ගණනක් රට තුළ සිටින බවද වෛද්‍යවරයා පවසයි.
වයස අවුරුදු 18 දක්වා, දරුවන් පාසල් යැවිය යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා යෝජනා කරයි.