සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සංවිධානය කළ 2020 වාර්ෂික විකුණුම් සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 2020 වසරේ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ විකුණුම් විධායක නිලධාරීහු මෙහිදී ඇගයීමට ලක් වූහ. විශේෂයෙන්ම ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුවූ දැවැන්ත අභියෝග හමුවේ පවා පෙන්නුම් කළ විශිෂ්ට කාර්යසාධනය හා කැපවීම වෙනුවෙන් ඔවුන් වෙත මෙම සම්මාන පිරිනමන ලදී.
තම ආයතනයේ ශක්තිය තම කාර්යමණ්ඩලය බව සෙලාන් බැංකුව දැඩිව විශ්වාස කරයි. 2020 වසරේ අභියෝග හමුවේ නොනැවතී ඉදිරියටම යමින් විශිෂ්ට ප්‍රතිඵල ළඟා කරගැනීමට එම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ සමත් වූහ.











