සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග එක්වී පුත්තල ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය.
මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම කාණ්ඩයට අයත් ව්‍යාපාර බවත්, එම නිසා එම ව්‍යාපාරවලට අවශ්‍ය දැනුම සහ මූල්‍යමය විසඳුම් ලබාදීමට කටයුතු කළ බවත් විශ්වාස කරමින්, එම ව්‍යාපාරවලට අවශ්‍ය නිසි මඟපෙන්වීම ලබාදීමට සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. එහි තවත් පියවරක් වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වැඩමුළු මාලාවක් පැවැත්වීමට සෙලාන් බැංකුව මේ වනවිට කටයුතු කරමින් සිටී.
පුත්තලම ප්‍රදේශයේ පැවති වැඩමුළුව දන්කොටුව පෝසිලෙන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, පාරිභෝගිකයන් කාණ්ඩගත කිරීම, සන්නාමකරණය හා එහි වැදගත්කම, අලෙවිකරණය හා එහි අභියෝග, තාක්ෂණය හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, සැලසුම් සකස් කිරීම හා එම සැලසුම්වලට අනුකූලව කටයුතු කිරීම සහ මූල්‍ය විසඳුම් යන ප්‍රධාන ක්ෂේත්‍ර එහිදී ආවරණය කරන ලදී. කෘෂිකර්මය, වෙළෙඳාම්, තොරතුරු තාක්ෂණය, ලුණු නිෂ්පාදනය, කුළුබඩු අපනයනය, ඇඟලුම්, කරවල නිෂ්පාදන සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාර රැසක නියෝජිතයෝ මෙම වැඩමුළුවට සහභාගී වූහ. මෙම වැඩමුළු මාලාවේ තුන්වැනි වැඩමුළුව මෙය වූ අතර, මීට පෙර රත්නපුර සහ අනුරාධපුර යන ප්‍රදේශවල වැඩමුළු පවත්වන ලදී.