මහින්ද රාජපක්ෂගේ නායකත්වයක් ඇතිව පොහොට්ටු රජයක් පිහිටුවන බව පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ මහනුවර පැවති රැස්වීමකට එක්වෙමින්.
”තව අවුරුදු දෙක හමාරක් තියෙනවා මැතිවරණයක් සඳහා යන්න. ජනාධිපතිවරණයකට, පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. පළාත් පාලන මැතිවරණය තියෙන්නේ මාර්තු මාසේ. මම විශ්වාස කරනවා දෙසැම්බර් මාසේ වෙනකොට මේ තියෙන අර්බුදය සෑහෙන දුරට රටට මගහරවා ගන්න පුළුවන් වෙයි කියලා. නැවතත් මේ රට යථාවක් කරලා, මේ පක්ෂය ඉදිරියට අරගෙන මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් අපේ රජයක් බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියා.