සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, වෘත්තිකයන්ට සිය ජීවන රටා වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වීම සඳහා ‘සෙලාන් ඇක්සලරේට්’ (‘Seylan Accelerate’) නමින් සුවිශේෂ විසඳුමක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය.
කොවිඩ්-19 හේතුවෙන් පසුගිය කාලය තුළ බොහෝ දෙනකුගේ ජීවන රටාවට එල්ලවූයේ දැඩි බලපෑමකි. එවැනි පසුබිමක් හමුවේ, ජීවන රටා වැඩිදියුණු කරගැනීමට උපකාරීවන මූල්‍යමය විසඳුම් සඳහා වෙළෙඳපොළේ ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින බව, සෙලාන් බැංකුව සිදුකරන ලද පර්යේෂණයකදී පෙනී ගියේය. සෙලාන් බැංකුව ‘සෙලාන් ඇක්සලරේට්’ හඳුන්වා දීමට කටයුතු කළේ එම ඉල්ලුම සපුරාලීමේ උත්සාහයක් වශයෙනි. රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු, ස්ථාවර වැටුප්, දීමනා සහ අතිරේක ආදායම් ලබන වෘත්තිකයන්ට සුවිශේෂ ප්‍රතිලාභ රාශියක් ලැබෙන පරිදි ‘සෙලාන් ඇක්සලරේට්’ සැලසුම් කර තිබේ.
‘සෙලාන් ඇක්සලරේට්’ ගිණුම් හිමියන්ට උසස් අධ්‍යාපන ආයතන, ක්‍රීඩා උපකරණ අලෙවිසල්, ඇඟලුම් හා ජීවන විලාසිතා අලෙවිසල් සහ ආපනශාලා ආදියේදී සුවිශේෂ වට්ටම්, පහසු ගෙවීමේ ක්‍රම සහ දීමනා හිමිවන ඩෙබිට් කාඩ්පතක් ලැබෙනු ඇත. American National College, Business Management School, Sri Lanka Institute of Marketing, Fashion Bug, Hameedia, Dialog, Singer, Power World, Fitness First වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටී.