ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට ප්‍රේෂණ යැවීමේදී විධිමත් ප්‍රේෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) හඳුන්වාදී ඇති වැඩසටහනට සහාය වෙමින් මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විදේශයන්හි රැකියාවලට යන ශ්‍රී ලාංකිකයන්ට හා ඔවුන්ගේ පවුල්වලට ප්‍රතිලාභ රැසක් ලබාදෙන HNB අධිෂ්ඨාන පැකේජය හඳුන්වාදී ඇත.
සංක්‍රමණික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල මූල්‍ය හා සමාජීය අවශ්‍යතා පිළිබඳ මනා ලෙස අවබෝධ කර ගනිමින්ද සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වලට තිරසාර ජීවනෝපායන් සංවර්ධනයට හා යහපැවැත්මට සහාය වීම සඳහාද HNB මෙම විශේෂ පැකේජය නිර්මාණය කර තිබේ.
HNB අධිෂ්ඨාන පැකේජය හා සම්බන්ධිත ඉතුරුම් ගිණුම මගින් විදෙස්ගතව රැකියාවල නියුතුව සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට තම ආදරණීයයන් වෙත මුදල් යැවීමට ආරක්ෂිත, වඩා පහසු සහ ලාභදායී ප්‍රේෂණ ක්‍රමවේදයකට ඍජු ප්‍රවේශය ලබාදෙයි.