• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රුවන්වැලි මහා සෑ නිර්මාණයේ සැඟවුණු බලවේග

May 18, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
රුවන්වැලි මහා සෑ නිර්මාණයේ සැඟවුණු බලවේග
Share on WhatsAppShare on Facebook

මාලා බන්ධන යන්ත්‍රය

බෞද්ධ කලා නිර්මාණ අතර විශේෂ නිර්මාණයක් ලෙස සැලකිය හැකි රත්නමාලි යන්ත්‍ර රාජයා පාලි භාෂාව ගැන ඉහළ දැනුමකින් යුත් බුද්ධිමත් ශාස්ත්‍රඥයකු විසින් නෙළුම් මලක හැඩයට සුබ ප්‍රමාණයන්ගෙන් ගණනය කර, අක්ෂර ප්‍රස්ථාර කොට ඉතා බලගතු අයුරින් සකසා ඇති අතර මෙය මහා ආකර්ෂණීය ගුප්ත බලයකින් යුතු යන්ත්‍ර රත්නයක් සේ සැලකේ. එසේම මෙය මෙරට සුවිශේෂ පූජනීය ස්ථානවල ආරක්ෂාව සඳහා යොදා ඇති අතර, ඒ අනුව රුවන්වැලි මහ සෑයේ අඩිතාලම යටත්, මාතලේ අළුවිහාරයේ චිත්‍ර අතරත් මෙම යන්ත්‍ර රත්නය යොදා ආරක්ෂාව අපේක්ෂා කර ඇත.

රුවන්වැලියට ඉඩදී විමානය අත්හල ස්වර්ණමාලි

වෙසෙක් මස පුර පසළොස්වක පොහෝ දිනයකදී වැඩ අරඹන ලද රුවන්වැලි සෑයේ ඉඳිකිරීම් කටයුතු කිරීමට එම ස්ථානයේ තිබූ රන් තෙළඹු ගසක් ඉවත් කිරීමට දුටුගැමුණු රජුට සිදුවී තිබේ. එහෙත් එම තෙළඹු ගස සිය විමානය කරගෙන ස්වරණමාලි නම් දේවතාවියක වැඩවාසය කර ඇති අතර, රජු කොතරම් ඉල්ලීම් කළද එම දේවතාවිය සිය විමානය අතහැරීමට කැමැති වී නැතත්,පසුව දේවතාවිය කාරණාව තේරුම් ගෙන සිය නම චෛත්‍යයට යොදන ලෙස රජුව පොරොන්දු කරවාගෙන චෛත්‍යයට ඉඩදී සිය විමානය අතහැර ගොස් තිබේ. එසේ නම් ලද චෛත්‍යය අදද ස්වර්ණමාලි, රුවන්මැලි, රුවන්වැලි යන නම්වලින් හඳුන්වයි.

රුවන්වැලියට සෑ මනරම් ධාතු ගර්භයේ නිර්මාණකරුවා

කිසිවකට නොදෙවෙනි අයුරින් බුදුන් වහන්සේට දැක්විය හැකි උපරිම ගෞරවයන් ලැබෙන අයුරින් රුවන්වැලි මහ සෑයේ ධාතු ගර්භය නිර්මාණය කරවීමට දුටුගැමුණු රජුට අවශ්‍ය වී ඇත.

ඒ අනුව රන්, රිදී, මුතු, මැණික් ආදී වටිනා වස්තූන්ගෙන් යුතුව දකින දකින අයගේ සිත් තුළ මහා ශ්‍රද්ධාවක් ඇතිවන ආකාරයට සෑ ගර්භය කරවීමට රජු කටයුතු කර තිබේ. ඒ මහා නිර්මාණකරණයේ වගකීම භාරගෙන කටයුතු කර ඇත්තේ ෂඩ් අභිඥාලාභී මහා නුවණැති ඉන්ද්‍රගුප්ත මහ රහතන්වහන්සේය.උන්වහන්සේ කිසිදු අඩුවක් පාඩුවක් වරදක් නොවන්නට එම කටයුත්ත මනාව ඉටුකළ බවද පැවැසේ.

SendShareShare
Previous Post

අලුත් ගෙට පරණ ලී ගත්තොත් ඊළඟට වෙනදේ

Next Post

Seylan සහ Mintpay සමග පෙරළිකාරී buy now, pay later පහසුකම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.