SDB බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සුවිශේෂී ගිවිසුමකට අස්සන් තැබිණි. මෙම ගිවිසුමට අනුව කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන හා සම්බන්ධ වෙමින් මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම, ඵලදායීතාව, ගුණාත්මකභාවය සහ කෘෂිකාර්මික නිෂ්පාදනවලට වැඩි අගයක් එකතු කිරීමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ කෘෂිකර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD), කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහනද (SAPP), අප SDB බැංකුව සමඟ සම්බන්ධවී මෙම ව්‍යාපෘතිය හරහා මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට සූදානම්. මෙම ඡායාරූපයේ පෙනී සිටින්නේ SDB බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා සහ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන් අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය මෙම සුවිශේෂී ගිවිසුමට අස්සන් කරන අයුරු සහ මෙම අවස්ථාවට සහභාගි වී සිටි SDB බැංකුවේ පර්යේෂණ හා පුතිමූල්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී කේ.වී.ආර්. ජීවන්ති මහත්මිය සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිනී ඩෙල්රින් සෙනෙවිරත්න මහත්මියයි.