විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සදහා අනුමැතිය ලබාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද සවස 03ට කැදවූ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුව නියෝජනය කරන බහුතර පක්ෂ නායකයන්ගේ විරෝධය මත අදාළ යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට තීන්දු විය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමගත් ජ.වි.පෙ. හා ටී.එන්.ඒ. පක්ෂ සමගත් පැවැති නිල නොවන සාකච්ඡා වට කිහිපකින් පසුව අද දිනයේ හදිසි කැබිනට් රැස්වීමක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා ඉවත් කර ගැනීමට තීරණය විය.