ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්වය ව්‍යාපෘතිය වන Plasticcycle, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් Plastics ; It’s Now or Forever යන තේමාව යටතේ විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කළේය. ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය මුලිනුපුටා දැමීම හා අවම කිරීම සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලික අවධානය යොමුවිය. Plasticcycleහි විධායක ටලිතා පෙරේරා මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම සම්මන්ත්‍රණයට Softlogic Supermarkets (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෘ ඩොල්බි, MAS Holdingsහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (තිරසාරත්ව) අමන්ති පෙරේරා, Biodiversity Sri Lanka (BSL)හි ව්‍යාපෘති නිලධාරී රොෂාන් නරසිංහගේ සහ The Pearl Protectorsහි සම්බන්ධීකාරක මුදිත කටුවාවල යන මහත්ම මහත්මීහු එක්වූහ.
පරිසර පද්ධතීන් තුළ ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය, එය පාලනය කිරීමේ අරමුණින් නිෂ්පාදකයන් සඳහා හඳුන්වා දී ඇති ‘පුළුල් වූ නිෂ්පාදන වගකීම‘ (Extended Producer Responsibility- EPR) ඇතුළු ප්‍රතිපත්තිමය නිර්දේශයන් සහ ඒ ඔස්සේ පරිසරයට හා ආර්ථිකයට ලැබෙන ප්රතිලාභ සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණයේදී මූලික අවධානය යොමුවිය.











