පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරාපත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60යි 40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඉදිරියේදී 70යි 30 අනුපාතයට වෙනස් කරන්නැයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව සිය වාර්තාවෙන් රජයට නිර්දේශ කර ඇත.
අස්ථාවර පළාත් පාලන ආයන පද්ධතියක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ අවම කිරීම එහි අරමුණ බව එම කමිටුව පෙන්වා දී තිබේ.
පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීම සියයට 60ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරිය සියයට 40 අනුපාත ක්‍රමය යටතේ ද දැන සිදු කෙරේ.
එය සියයට 70ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරි සියයට 30 අනුපාත ක්‍රමය යටතේ ද වන ලෙස ඉදිරි ඡන්ද විමසිමේදී වෙනස් කරන්නැයි කමිටුව නිර්දේශ කර ඇත.
මේ අතර පළාත් පාලන ආයතනවල දැනට සිටින 8000ක් පමණ වන සභික සංඛ්‍යාව ඉදිරි ඡන්ද විමසිමේදී 6500ක් පමණ දක්වා අඩුවිය යුතු යැයි ද කමිටුව නිර්දේශ කර තිබේ.
පවතින ක්‍රමය තුළ පළාත් පාලන සභිකයන්ගෙ අනවශ්‍ය වැඩිවීමක් පවතින බවත් එය අනිවාර්යයෙන්ම 1500කින් පමණ අඩුවිය යුතු බවත් කමිටුව පෙන්වා දී ඇත.










