ඩිජිටල් පරිවර්තන තාක්ෂණයේ ප්‍රමුඛයා වන WSO2 සමාගම, සිය ඉදිරි ගමන තවදුරත් ශක්තිමත් කිරීමේ අරමුණින් විධායක මට්ටමේ උසස්වීම් 3ක් සිදුකිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, මීට පෙර උපසභාපති (පර්යේෂණ) ලෙස කටයුතු කළ ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා මහතා ජ්‍යෙෂ්ඨ උපසභාපති සහ ප්‍රධාන නිර්මාණ ශිල්පී ලෙස පත්කර ඇති අතර, මීට පෙර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (Platform Architecture) ලෙස කටයුතු කළ ආචාර්ය මලිත් ජයසිංහ උපසභාපති (පර්යේෂණ හා කෘත්‍රිම බුද්ධිය) ලෙස පත්කර ඇත. මීට පෙර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (අලෙවි සේවා) සහ වැඩ බලන ආයතනික අලෙවි ප්‍රධානී ලෙස කටයුතු කළ රධික් ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සහ රජයන් ඇතුළු බොහෝ සේවාදායකයෝ තම ඩිජිටල් පරිවර්තන සඳහා WSO2 හි විවෘත හා ‘cloud native’ විසඳුම් භාවිත කරති. මෙම සේවාවන් හරහා වසරකට ගනුදෙනු ටි්‍රලියන 18කට වඩා සිදුවේ. තම ඩිජිටල් සේවා හා යෙදුම් සඳහා මෙම සේවාදායකයෝ WSO2 හි API management, Integration, Customer Identity සහ Access Management (CIAM) භාවිතා කරති.











