සමාගමේ රියදුරු හවුල්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමේ උත්සාහයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ තාක්ෂණය මත පදනම් වූ ඩිජිටල් සංචලතා විසඳුම් සැපයුම්කරු (Digital Mobility Solution Provider) වන PickMe ස්වයං ලියාපදිංචි කිරීමේ යෙදවුමකි’ (Self-Registration App) දියත් කරන බව නිවේදනය කරයි. දිවයින පුරා සිටින රියදුරන්ට යෙදවුම (App) බාගත කර PickMe සමඟ ලියාපදිංචි වී රියදුරු හවුල්කරුවෙකු වීමට සහ ගනුදෙනුකරුවන්ට සේවාව ලබා දීමට හැකිය. මෙම ආරම්භයත් මඟින් PickMeප්‍රධාන කාර්යාලයට පෞද්ගලිකවම ගොස් රියදුරු සහකරුවකු ලෙස ලියාපදිංචි වීමේදී ඇති වන කරදර මගහරවා ගැනීමේ හැකියාව PickMe සමඟ එක් වීමට කැමති රියදුරන්ට ලැබේ.
“අපගේ රියදුරු හවුල්කරුවන් අපගේ වේදිකාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අපි ඔවුන්ට ක්‍රියාත්මක වීමට පහසුවක් ලබා දීමට උත්සාහ කරනවා’ ස්වයං ලියාපදිංචි කිරීමේ(Self-Registration App) මෙහි තවත් පියවරක් වන අතර එමගින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කර, රියදුරු හවුල්කරුවන්ට ප්‍රවේශ වීමේ හැකියාවත්, රට පුරා සිටින ගනුදෙනුකරුවන්ට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට PickMe ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමේ හැකියාවත් ලබා දෙනවා. ස්වයං ලියාපදිංචි කිරීමේ යෙදවුම, අපගේ රියදුරු හවුල්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට මහත් පිටුවහලක් වන බවට අපි පොරොන්දු වෙනවා” යැයි PickMe හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ඉසිර පෙරේරා ප්‍රකාශ කළේය.