පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් පිටු 35ක වෙනම වාර්තාවක් සකස් කර ඇති බව දැනගන්නට ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිටි ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති එකම නියෝජිතයා ෆොන්සේකා මහතා වන අතර එම කමිටුව මගින් ඉදිරිපත් කළ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ඒ මහතාගේ එතරම් ප්‍රසාදයක් තිබී නොැමැති බව දැනගන්නට ඇත.
මේ නිසා ෆොන්සේකා මහතා විසින් ආරක්ෂාව දුර්වල කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙත බරපතළ චෝදනා එල්ල කරමින් මෙම වාර්තාව සකස් කොට ඇති බව කියවේ.