මහජන බැංකුවේ People’s Wave ජංගම බැංකුකරණ යෙදවුම, ‘විශිෂ්ටතම ජංගම ඉලෙක්ට්‍රොනික ගෙවීම් මුලපිරීම’ (Best Mobile Electronic Payment Initiative) ලෙස පසුගියදා කොළඹදී පැවති ආසියානු ඩිජිටල් මූල්‍ය සංසදය හා සම්මාන උළෙලේදී (Asian Digital Finance Forum and Awards) සම්මානයට පාත්‍ර විය.
Asian FinTech Academy (AFTA) විසින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සවයට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධර්ම ශ්‍රී කුමාරතුංග, FinTech Association of Sri Lanka (FASL)හි සභාපති රාජ්කුමාර් කනගසිංහම් සහ ජපානයේ Fintech සංගමයේ උප සභාපති ටකේෂි කිටෝ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් එක්වූහ. මහජන බැංකුව නියෝජනය කරමින් එහි සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ ප්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම් යන මහත්වරුන් සහභාගි විය.