• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

සිංහල අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද…

April 2, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
සිංහල අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද…
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

බ්‍රහස්පති හෙවත් සුරගුරු, නවග්‍රහයන් අතරින් ඉතාමත් සුබම ග්‍රහ ලොවයි. ජන්මියාට බෙහෙවින්ම සුබඵල උදාකරන්නේද ගුරු වන අතර ගුරුගේ දැක්මත් ගුරු ලග්නගතව කෙනකුගේ ජන්ම පත්‍රයේ පිහිටීමත් අතිශයින් සුබදායකය. කෝටියක් දෝෂ භංග කරන සුරගුරු යම් යම් අවස්ථාවල අසුබ වන ආකාරයද දැකගත හැකිය. ගෝචර වශයෙන් කෙනකුගේ උපන් ලග්නයෙන් 1, 2, 4, 5, 7, 9, 10, හා 11 යන ස්ථානවල ගමන් කිරීම සුබදායක වන අතර 3, 6, 8, 12 යන ස්ථාන අසුබ වන්නේය. එවන් වූ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා එළඹෙන 2022 අප්‍රේල් මස 13 වැනි බුධ දින පස්වරු 03.54ට ගුරු හෙවත් බ්‍රහස්පති තමාගේ ස්වක්ෂේත්‍ර මෙන්ම සුබම රාශිය වන මීන රාශියට පිවිසෙයි. හරියටම 12 වසරකට පසු ගුරුටම අයත් මීන රාශියට ගෝචර වශයෙන් බ්‍රහස්පති පිවිසීමට නියමිතය. මෙය සුවිශේෂ සුබදායක ග්‍රහ මාරුවකි. ගුරු තමාටම අයත් පුවපුටුප නැකැතේ ගමන් කරනු ඇත.

එම ගුරු එතැන් සිට 2023 අප්‍රේල් 22 වැනි දින මේෂ රාශිගත වන තුරු වසරකටත් වැඩි කාලයක් වක්‍ර හා නිවෘත වීමක්ද සහිතව මීනයේ රැඳී සිටිනු ඇත. මීනය ගුරුට ස්වක්ෂේත්‍ර රාශියකි. ඒ අනුව 12 වසරකට පසු සිදුවන මෙම සුවිශේෂ ගුරු ග්‍රහ මාරුව රටට ලෝකයට මෙන්ම ලග්න දොළසින් උපන් ඔබට කෙසේ බලපායිද? ශ්‍රී ලංකාවේ නිදහස් මොහොතේ උදා වූ කුම්භ ලග්න ජන්ම පත්‍රයේ මෙතෙක් කලක් ලග්න භාවයේ ගමන් ගත් ගුරු හෙවත් බ්‍රහස්පති දෙවැන්නට නැතහොත් ධනස්ථානයට පිවිසීම අප රටට යම් පමණකට යහපත් හා සුබදායක වනු ඇත. පසුගිය කාලයේ පැවැති කරදර බාධක ආර්ථික ප්‍රශ්න යම් පමණකට සමනය වනු ඇත. එසේම බහුතර ලග්නවලට ගුරුගේ මේ ගමනින් සුබඵල උදාවනු ඇත. මෙතෙක් රටේ ආර්ථික අංශවල පැවති අසුබ ඵල මඟහැර සුබඵල උදාකරනු ඇත. ගුරුගේ මේ ගමන නිසා ලෝකයේ වගේම අපේ රටේත් විවිධ වෙනස්කම් ඇති කරාවි. ජනතාවට දැනට වඩා යම් සහනයක් ලැබේවි. ආගමික ප්‍රබෝධයක් ඇති වේවි. සාහිත්‍ය හා ජ්‍යෙතිෂයේද වර්ධනයක් වේවි. අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳේවි. නව ප්‍රබෝධයක් රට තුළ ඇතිවේවි. දේශපාලනය තවතවත් උණුසුම් හා නැවුව් වේවි. නව නායකයන් කරළියට පිවිසීම මෙන්ම දේශපාලන නායකයන් තව තවත් උද්යෝගිමත් වේවි. මැතිවරණයන් පැවැත් වේවි. නව දේශපාලන පක්ෂ බිහි වේවි. බුද්ධිමතුන්ට යහපත් කාලයක් උදාවේ. භික්ෂුන්වහනසේලා ඉදිරියට පැමිණේවි. රට තුළ දේශගුණ විපර්යාස යම් පමණකට ඇතිවේවි. විශේෂයෙන් ජලගැලීම්, නායයෑම්, සුළිසුළං, ඉඩෝර වැනි දේ ඇති විය හැකිය. රට තුළ නැවුම් බවකින් යුතු වටපිටාවක් නිර්මාණය වේවි. අපහසුතා මැද සිටි මහජනතාවට මෙම ගුරු මාරුව කලකට පසු උදාවන අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

මේෂ
ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නයෙන් 12 වැන්න හෙවත් වැයස්ථානයට පිවිසීම ඔබට අසුබ පල උදාකරනු ඇත. පසුගිය වසරක් පුරා ඔබට සුබපල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්පති ඔබගේ ලග්න භාවයෙන් 11 වැන්නේ හෙවත් අයස්ථානයේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව රැකියා අංශවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදා නොකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක අවාසියක් අත්විය හැකිය. කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප්‍රශ්නවලටද මුහුණදීමේ අවස්ථාද මෙම ඉදිරි වසර පුරා උදාවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව අසුබදායක වනු ඇත. මෙම කාලසීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය අයහපත් වනු ඇත. පැවති රෝගාබාධ යම් පමණකට සුවවීමේ අවස්ථා උදාවනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත.

වෘශභ
ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරාවට ලග්නයෙන් 10 වැන්නේ සුබ රාශිගතව ගමන් කළ බ්‍රහස්පති මෙවර ලග්න භාවයෙන් 11 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවැති අපල තත්ත්වයන් අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. 11 වැන්න ගුරුට ගෝචර ගමනේ අතිශය සුබ ස්ථානයක් වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදා වේ. ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර රැකියා ස්ථානයෙන් උසස්වීමක්ද හිමි වීමට ඉඩ තිබේ. නමුත් රාජකාරි නිසා නිවෙසින් ඈත් වීමටද හේතු ඇති වේ. සමාජ සේවාවල නිරත වන්නේ නම් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. ඔබ විවාහක නම් ගේ දොර කටයුතුවලටද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සුළු අනතුරුවලට ලක්විය හැකිය. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි.

මිථුන
ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බලවත්ව ලග්නයෙන් 10 වැන්න හෙවත් කර්මස්ථානයට පිවිසීම ඔබට සුබදායක වනු ඇත. පසුගිය වසරක් පුරාවට ඔබට සුබඵල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්පති ඔබගේ ලග්න භාවයෙන් 9 වැන්නේ හෙවත් පුණ්‍යස්ථානයේ ගමන් කළා. ඔබ විවාහක නම් ඔබගේ ගේ දොර කටයුතුවලට පැවැති යම් යම් බාධා ඉවත් වන අතර දරුවන්ගේ කටයුතුද සාර්ථකව සිදුවන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ කටයුතු ඉටුවනු ඇත. කෙසේ වෙතත් ඔබට උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා යහපත් කාලයක් වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලට එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. අනතුරුවලට ලක්විය හැකිය. චෝදනා හා අපවාදද එල්ල වන කාලයකි. නව රැකියා වාසනාව උදාවනු ඇත. මෙම කාලසීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත.

කටක
ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරාවට ලග්නයෙන් 8 වැන්නේ අසුබ රාශිගතව ගමන් කළ බ්‍රහස්පති මෙවර ලග්න භාවයෙන් 09 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. 09 වැන්න ගුරුට ගෝචර ගමනේ ප්‍රබල යහපත් ස්ථානයක් වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදා වේ. පෙර පින මතුවන කාලයකි. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව රැකියා අංශවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක වාසියක් අත්විය හැකිය. තැන්පත් ධනය ඉහළ යනු ඇත. කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප්‍රශ්නවලට ද මුහුණ දීමේ අවස්ථා මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක වනු ඇත.

සිංහ
ඔබගේ ජන්ම පතේ ගුරු 8 වන්නේ, ඒ මාරකස්ථානයේ. ඒ හේතුව නිසාවෙන් සතුරු කරදර නීතිමය ගැටලු, ශරීර සනීපය දුබල වීම වැනි ගැටලු පැනනඟින්න පුළුවනි. ඒත් ඒවා ගුරුගේ ගුණය නිසා ප්‍රබල වෙන්නේ නෑ. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබටත් සුබ වගේම අසුබ පලත් ලැබේ. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි. ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටී නම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වැනි දෙර්කාණාධිපති හෝ 64 වැනි නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

කන්‍යා
ලග්නයේ 7 වැන්නට පැමිණෙන ගුරුගෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදාවේ. අධ්‍යාපනය ලබන දරුවනට යහපත් වන අතර උසස් අධ්‍යාපන අවස්ථා ද හිමි වේ. දරුවන් බලාපොරොත්තු වන විවාහක ඔබට වාසනාවන්ත හා පුණ්‍යවන්ත පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලු අංශවලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක් හා නව රැකියා හිමි වීමට ඉඩ තිබේ. ඵ් වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. නීතිය හදාරන මිථුන ලග්න හිමියනට මෙම ගුරු මාරුව බෙහෙවින් වාසිසහගත වනු ඇත. මුදල් අතේ ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. ඔබටත් ඉතින් සියලු අංශවලින් සුබයි. පවතින රෝගාබාධ සුව වන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය.

තුලා
ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු 6 වැන්නේ රෝගස්ථානගත වෙනවා. 6 වැන්න ඔබගේ රෝග ස්ථානයයි. ඔබට මෙම ග්‍රහ මාරුව සම පල උදාකරනු ඇත. ඔබගේ ආදායම් තත්ත්වයට යම් පමණකට බාධා එල්ල විය හැකිය. කෙසේ වෙතත් ඔබගේ සිතේ පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබගේ මවට සුබදායකයි. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් ඇති වන අතරම විදේශ ගමන්වලටද එක්විය හැකිය. ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමුවේ. රැකියා ස්ථානයෙන් උසස්වීමක්ද හිමි වීමට ඉඩ තිබේ. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ ඔබගේම ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට, දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. රෙදිපිළි, ගොඩනැගිලි ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවල නිරත ඔබට මෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට මෙම ග්‍රහ මාරුව බෙහෙවින් සුබදායක ග්‍රහ මාරුවකි.

වෘශ්චික
ලග්නයෙන් 5 වැන්නට බ්‍රහස්පති පිවිසීම මත ඔබට සුබ ඵල උදාවීමට නියමිතය. මෙම කාලසීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. ආර්ථික අංශවලට යහපත් කාලයකි. ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර ඔබ දරුවන් බලාපොරොත්තු වනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දු වීම වැදගත් වනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදා වේ. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සුළු අනතුරුවලට ලක්විය හැකිය. ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටී නම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වැනි දෙර්කාණාධිපති හෝ 64 වැනි නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

ධනු
ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු සිවුවැන්නේ කේන්ද්‍රස්ථානගත වෙනවා. 4 වැන්න ඔබගේ කේන්ද්‍රයේ මාත්‍රා ස්ථානයයි. පසුගිය කාලය පුරා ඔබට අසුබ ඵල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්පති ඔබගේ ලග්න භාවයෙන් 3 වැන්නේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව සුබපල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක වාසි ඇතිවිය හැකිය. තැන්පත් ධනය නම් ඉහළ යනු ඇත. විටෙක අය පක්ෂය ඉහළ යන අවස්ථාද මෙම ඉදිරි වසර පුරා උදාවනු ඇත. කුලී නිවාසවල දිවි ගෙවූ ඔබගේ සිතේ කාලයක් පැවැති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබගේ මවට හා පියාට සුබදායකයි. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් ඇති වන අතරම විදේශ ගමන්වලටද එක්විය හැකිය. ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයංරැකියා කරන ඔබගේ එම කාර්යයන්ද ඉටුවනු ඇත- එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබේ.

මකර
ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරාවට ලග්නයෙන් 2 වැන්නේ සුබ ප්‍රතිඵල උදාකළ බ්‍රහස්පති මෙවර ලග්නභාවයෙන් 3 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවැති සඵල තත්ත්වයන් යම් පමණකින් අඩුවී යා හැකිය. ගේ දොර කටයුතු යහපත් වන අතර ඔබ දරුවන් බලාපොරොත්තු වනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දු වීම වැදගත් වනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදාවේ. එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමිවීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි- කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සුළු අනතුරුවලට ලක්විය හැකිය. පැවති චෝදනා හා අපවාද නිදහස් වන කාලයකි. ආගමික කටයුතුවලට සිත යොමුවනු ඇත. දේශපාලනයේ යෙදෙන තුලා ලග්න හිමියන්ට සුබදායක වන්නේය.

කුම්භ
ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා පසුගිය කාලය පුරා ඔබට සුබ ඵල උදාකරමින් ඔබගේ ලග්න භාවයේ ගමන් කළා. මෙවර 2 වැන්න හෙවත් ධන ස්ථානයට ගුරු පැමිණෙනවා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව සුබ ඵල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක සහන ඇති විය හැකිය. තැන්පත් ධනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇත. ගේ දොර කටයුතුවලට ද යම් යම් සහන උදාවන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දු වීම වැදගත් වනු ඇත. දේශපානයේ යෙදෙන ලග්න හිමියන්ට බෙහෙවින් අසුබදායක වන්නේය. කුලී නිවාසවල දිවි ගෙවූ ඔබගේ සිතේ කාලයක් පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතුවලට සහනකාරී තත්ත්ව ඇති වන අතරම විදේශ ගමන්වලටද එවැනිම සහන ඇති විය හැකිය.

මීන
ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරා ලග්නයෙන් 12 වැන්නේ ගමන් කළ බ්‍රහස්පති මෙවර ලග්න භාවයට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. අවිවාහක අයට මංගල යෝග උදා වේ. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකරගත හැකි කාලයකි. මෙම කාලසීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.
ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමු වේ. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයංරැකියා කරන ඔබගේ එම කාර්යයන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබේ. පවුල් ජීවිතය යහපත් වන අතර අවිවාහක අයට මංගල යෝග උදාවන වසරකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

Share357Tweet223SendShare89
Previous Post

මිරිහානේ විරෝධතාකරුවන් වෙනුවෙන් නීතීඥවරු 400ක් පෙනී සිටියි! පොලිසිය නඩු දැම්මේ පොදු දේපොළ පනත යටතේ! මහේස්ත්‍රාත්වරයා 21 දෙනකු මුදාහරී!

Next Post

SLT-MOBITEL, සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ආසන වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවියක් සහ ජංගම යෙදවුමක් හඳුන්වා දෙයි…

MORE NEWS

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!
Exclusive

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!

January 18, 2023
2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න
Exclusive

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

January 2, 2023
ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

November 16, 2022
රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…
Exclusive

රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…

November 8, 2022
කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!
Exclusive

කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!

September 21, 2022
මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!
Exclusive

මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!

July 11, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version