• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සිංහල අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද…

April 2, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
සිංහල අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද…
Share on WhatsAppShare on Facebook

බ්‍රහස්පති හෙවත් සුරගුරු, නවග්‍රහයන් අතරින් ඉතාමත් සුබම ග්‍රහ ලොවයි. ජන්මියාට බෙහෙවින්ම සුබඵල උදාකරන්නේද ගුරු වන අතර ගුරුගේ දැක්මත් ගුරු ලග්නගතව කෙනකුගේ ජන්ම පත්‍රයේ පිහිටීමත් අතිශයින් සුබදායකය. කෝටියක් දෝෂ භංග කරන සුරගුරු යම් යම් අවස්ථාවල අසුබ වන ආකාරයද දැකගත හැකිය. ගෝචර වශයෙන් කෙනකුගේ උපන් ලග්නයෙන් 1, 2, 4, 5, 7, 9, 10, හා 11 යන ස්ථානවල ගමන් කිරීම සුබදායක වන අතර 3, 6, 8, 12 යන ස්ථාන අසුබ වන්නේය. එවන් වූ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා එළඹෙන 2022 අප්‍රේල් මස 13 වැනි බුධ දින පස්වරු 03.54ට ගුරු හෙවත් බ්‍රහස්පති තමාගේ ස්වක්ෂේත්‍ර මෙන්ම සුබම රාශිය වන මීන රාශියට පිවිසෙයි. හරියටම 12 වසරකට පසු ගුරුටම අයත් මීන රාශියට ගෝචර වශයෙන් බ්‍රහස්පති පිවිසීමට නියමිතය. මෙය සුවිශේෂ සුබදායක ග්‍රහ මාරුවකි. ගුරු තමාටම අයත් පුවපුටුප නැකැතේ ගමන් කරනු ඇත.

එම ගුරු එතැන් සිට 2023 අප්‍රේල් 22 වැනි දින මේෂ රාශිගත වන තුරු වසරකටත් වැඩි කාලයක් වක්‍ර හා නිවෘත වීමක්ද සහිතව මීනයේ රැඳී සිටිනු ඇත. මීනය ගුරුට ස්වක්ෂේත්‍ර රාශියකි. ඒ අනුව 12 වසරකට පසු සිදුවන මෙම සුවිශේෂ ගුරු ග්‍රහ මාරුව රටට ලෝකයට මෙන්ම ලග්න දොළසින් උපන් ඔබට කෙසේ බලපායිද? ශ්‍රී ලංකාවේ නිදහස් මොහොතේ උදා වූ කුම්භ ලග්න ජන්ම පත්‍රයේ මෙතෙක් කලක් ලග්න භාවයේ ගමන් ගත් ගුරු හෙවත් බ්‍රහස්පති දෙවැන්නට නැතහොත් ධනස්ථානයට පිවිසීම අප රටට යම් පමණකට යහපත් හා සුබදායක වනු ඇත. පසුගිය කාලයේ පැවැති කරදර බාධක ආර්ථික ප්‍රශ්න යම් පමණකට සමනය වනු ඇත. එසේම බහුතර ලග්නවලට ගුරුගේ මේ ගමනින් සුබඵල උදාවනු ඇත. මෙතෙක් රටේ ආර්ථික අංශවල පැවති අසුබ ඵල මඟහැර සුබඵල උදාකරනු ඇත. ගුරුගේ මේ ගමන නිසා ලෝකයේ වගේම අපේ රටේත් විවිධ වෙනස්කම් ඇති කරාවි. ජනතාවට දැනට වඩා යම් සහනයක් ලැබේවි. ආගමික ප්‍රබෝධයක් ඇති වේවි. සාහිත්‍ය හා ජ්‍යෙතිෂයේද වර්ධනයක් වේවි. අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳේවි. නව ප්‍රබෝධයක් රට තුළ ඇතිවේවි. දේශපාලනය තවතවත් උණුසුම් හා නැවුව් වේවි. නව නායකයන් කරළියට පිවිසීම මෙන්ම දේශපාලන නායකයන් තව තවත් උද්යෝගිමත් වේවි. මැතිවරණයන් පැවැත් වේවි. නව දේශපාලන පක්ෂ බිහි වේවි. බුද්ධිමතුන්ට යහපත් කාලයක් උදාවේ. භික්ෂුන්වහනසේලා ඉදිරියට පැමිණේවි. රට තුළ දේශගුණ විපර්යාස යම් පමණකට ඇතිවේවි. විශේෂයෙන් ජලගැලීම්, නායයෑම්, සුළිසුළං, ඉඩෝර වැනි දේ ඇති විය හැකිය. රට තුළ නැවුම් බවකින් යුතු වටපිටාවක් නිර්මාණය වේවි. අපහසුතා මැද සිටි මහජනතාවට මෙම ගුරු මාරුව කලකට පසු උදාවන අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

මේෂ
ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නයෙන් 12 වැන්න හෙවත් වැයස්ථානයට පිවිසීම ඔබට අසුබ පල උදාකරනු ඇත. පසුගිය වසරක් පුරා ඔබට සුබපල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්පති ඔබගේ ලග්න භාවයෙන් 11 වැන්නේ හෙවත් අයස්ථානයේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව රැකියා අංශවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදා නොකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක අවාසියක් අත්විය හැකිය. කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප්‍රශ්නවලටද මුහුණදීමේ අවස්ථාද මෙම ඉදිරි වසර පුරා උදාවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව අසුබදායක වනු ඇත. මෙම කාලසීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය අයහපත් වනු ඇත. පැවති රෝගාබාධ යම් පමණකට සුවවීමේ අවස්ථා උදාවනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත.

වෘශභ
ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරාවට ලග්නයෙන් 10 වැන්නේ සුබ රාශිගතව ගමන් කළ බ්‍රහස්පති මෙවර ලග්න භාවයෙන් 11 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවැති අපල තත්ත්වයන් අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. 11 වැන්න ගුරුට ගෝචර ගමනේ අතිශය සුබ ස්ථානයක් වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදා වේ. ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර රැකියා ස්ථානයෙන් උසස්වීමක්ද හිමි වීමට ඉඩ තිබේ. නමුත් රාජකාරි නිසා නිවෙසින් ඈත් වීමටද හේතු ඇති වේ. සමාජ සේවාවල නිරත වන්නේ නම් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. ඔබ විවාහක නම් ගේ දොර කටයුතුවලටද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සුළු අනතුරුවලට ලක්විය හැකිය. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි.

මිථුන
ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බලවත්ව ලග්නයෙන් 10 වැන්න හෙවත් කර්මස්ථානයට පිවිසීම ඔබට සුබදායක වනු ඇත. පසුගිය වසරක් පුරාවට ඔබට සුබඵල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්පති ඔබගේ ලග්න භාවයෙන් 9 වැන්නේ හෙවත් පුණ්‍යස්ථානයේ ගමන් කළා. ඔබ විවාහක නම් ඔබගේ ගේ දොර කටයුතුවලට පැවැති යම් යම් බාධා ඉවත් වන අතර දරුවන්ගේ කටයුතුද සාර්ථකව සිදුවන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ කටයුතු ඉටුවනු ඇත. කෙසේ වෙතත් ඔබට උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා යහපත් කාලයක් වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලට එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. අනතුරුවලට ලක්විය හැකිය. චෝදනා හා අපවාදද එල්ල වන කාලයකි. නව රැකියා වාසනාව උදාවනු ඇත. මෙම කාලසීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත.

කටක
ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරාවට ලග්නයෙන් 8 වැන්නේ අසුබ රාශිගතව ගමන් කළ බ්‍රහස්පති මෙවර ලග්න භාවයෙන් 09 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. 09 වැන්න ගුරුට ගෝචර ගමනේ ප්‍රබල යහපත් ස්ථානයක් වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදා වේ. පෙර පින මතුවන කාලයකි. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව රැකියා අංශවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක වාසියක් අත්විය හැකිය. තැන්පත් ධනය ඉහළ යනු ඇත. කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප්‍රශ්නවලට ද මුහුණ දීමේ අවස්ථා මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක වනු ඇත.

සිංහ
ඔබගේ ජන්ම පතේ ගුරු 8 වන්නේ, ඒ මාරකස්ථානයේ. ඒ හේතුව නිසාවෙන් සතුරු කරදර නීතිමය ගැටලු, ශරීර සනීපය දුබල වීම වැනි ගැටලු පැනනඟින්න පුළුවනි. ඒත් ඒවා ගුරුගේ ගුණය නිසා ප්‍රබල වෙන්නේ නෑ. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබටත් සුබ වගේම අසුබ පලත් ලැබේ. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි. ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටී නම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වැනි දෙර්කාණාධිපති හෝ 64 වැනි නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

කන්‍යා
ලග්නයේ 7 වැන්නට පැමිණෙන ගුරුගෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදාවේ. අධ්‍යාපනය ලබන දරුවනට යහපත් වන අතර උසස් අධ්‍යාපන අවස්ථා ද හිමි වේ. දරුවන් බලාපොරොත්තු වන විවාහක ඔබට වාසනාවන්ත හා පුණ්‍යවන්ත පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලු අංශවලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක් හා නව රැකියා හිමි වීමට ඉඩ තිබේ. ඵ් වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. නීතිය හදාරන මිථුන ලග්න හිමියනට මෙම ගුරු මාරුව බෙහෙවින් වාසිසහගත වනු ඇත. මුදල් අතේ ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. ඔබටත් ඉතින් සියලු අංශවලින් සුබයි. පවතින රෝගාබාධ සුව වන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය.

තුලා
ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු 6 වැන්නේ රෝගස්ථානගත වෙනවා. 6 වැන්න ඔබගේ රෝග ස්ථානයයි. ඔබට මෙම ග්‍රහ මාරුව සම පල උදාකරනු ඇත. ඔබගේ ආදායම් තත්ත්වයට යම් පමණකට බාධා එල්ල විය හැකිය. කෙසේ වෙතත් ඔබගේ සිතේ පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබගේ මවට සුබදායකයි. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් ඇති වන අතරම විදේශ ගමන්වලටද එක්විය හැකිය. ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමුවේ. රැකියා ස්ථානයෙන් උසස්වීමක්ද හිමි වීමට ඉඩ තිබේ. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ ඔබගේම ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට, දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. රෙදිපිළි, ගොඩනැගිලි ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවල නිරත ඔබට මෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට මෙම ග්‍රහ මාරුව බෙහෙවින් සුබදායක ග්‍රහ මාරුවකි.

වෘශ්චික
ලග්නයෙන් 5 වැන්නට බ්‍රහස්පති පිවිසීම මත ඔබට සුබ ඵල උදාවීමට නියමිතය. මෙම කාලසීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. ආර්ථික අංශවලට යහපත් කාලයකි. ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර ඔබ දරුවන් බලාපොරොත්තු වනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දු වීම වැදගත් වනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදා වේ. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සුළු අනතුරුවලට ලක්විය හැකිය. ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටී නම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වැනි දෙර්කාණාධිපති හෝ 64 වැනි නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

ධනු
ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු සිවුවැන්නේ කේන්ද්‍රස්ථානගත වෙනවා. 4 වැන්න ඔබගේ කේන්ද්‍රයේ මාත්‍රා ස්ථානයයි. පසුගිය කාලය පුරා ඔබට අසුබ ඵල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්පති ඔබගේ ලග්න භාවයෙන් 3 වැන්නේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව සුබපල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක වාසි ඇතිවිය හැකිය. තැන්පත් ධනය නම් ඉහළ යනු ඇත. විටෙක අය පක්ෂය ඉහළ යන අවස්ථාද මෙම ඉදිරි වසර පුරා උදාවනු ඇත. කුලී නිවාසවල දිවි ගෙවූ ඔබගේ සිතේ කාලයක් පැවැති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබගේ මවට හා පියාට සුබදායකයි. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් ඇති වන අතරම විදේශ ගමන්වලටද එක්විය හැකිය. ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයංරැකියා කරන ඔබගේ එම කාර්යයන්ද ඉටුවනු ඇත- එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබේ.

මකර
ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරාවට ලග්නයෙන් 2 වැන්නේ සුබ ප්‍රතිඵල උදාකළ බ්‍රහස්පති මෙවර ලග්නභාවයෙන් 3 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවැති සඵල තත්ත්වයන් යම් පමණකින් අඩුවී යා හැකිය. ගේ දොර කටයුතු යහපත් වන අතර ඔබ දරුවන් බලාපොරොත්තු වනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දු වීම වැදගත් වනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදාවේ. එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමිවීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි- කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සුළු අනතුරුවලට ලක්විය හැකිය. පැවති චෝදනා හා අපවාද නිදහස් වන කාලයකි. ආගමික කටයුතුවලට සිත යොමුවනු ඇත. දේශපාලනයේ යෙදෙන තුලා ලග්න හිමියන්ට සුබදායක වන්නේය.

කුම්භ
ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා පසුගිය කාලය පුරා ඔබට සුබ ඵල උදාකරමින් ඔබගේ ලග්න භාවයේ ගමන් කළා. මෙවර 2 වැන්න හෙවත් ධන ස්ථානයට ගුරු පැමිණෙනවා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව සුබ ඵල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක සහන ඇති විය හැකිය. තැන්පත් ධනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇත. ගේ දොර කටයුතුවලට ද යම් යම් සහන උදාවන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දු වීම වැදගත් වනු ඇත. දේශපානයේ යෙදෙන ලග්න හිමියන්ට බෙහෙවින් අසුබදායක වන්නේය. කුලී නිවාසවල දිවි ගෙවූ ඔබගේ සිතේ කාලයක් පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතුවලට සහනකාරී තත්ත්ව ඇති වන අතරම විදේශ ගමන්වලටද එවැනිම සහන ඇති විය හැකිය.

මීන
ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරා ලග්නයෙන් 12 වැන්නේ ගමන් කළ බ්‍රහස්පති මෙවර ලග්න භාවයට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. අවිවාහක අයට මංගල යෝග උදා වේ. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකරගත හැකි කාලයකි. මෙම කාලසීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.
ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමු වේ. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයංරැකියා කරන ඔබගේ එම කාර්යයන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබේ. පවුල් ජීවිතය යහපත් වන අතර අවිවාහක අයට මංගල යෝග උදාවන වසරකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

People’s Wave ආසියානු ඩිජිටල් මූල්‍ය සංසදය සහ සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවෙයි…

Next Post

‘දැන් ඇති’! මුලු රටම එක හඬින් කියමු! රොෂාන් මහානාම කරළියට එයි!

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.