මිරිහාන ප්‍රදේශයේ දී පැවති විරෝධතාවයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් 21 දෙනෙකු පුද්ගලික ඇප මත මුදා හැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කරනු ලැබුවා.
එහිදී තවත් විරෝධතාකරුවන් 06 දෙනෙකු ලබන අප්‍රේල් මස 04 වෙනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් ලබන සඳුදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මෙහිදී ගංගොඩවිල මහේස්ත්‍රාත්තුමා නියෝග කරනු ලැබුවා.
මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ පොලිසිය විසින් චෝදනා ගොනු කර තිබු බවයි සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ.
බී වාර්තාවන් නිසියාකාරව සම්පිණ්ඩනය නොකිරීම සහ එක් එක් සැකකරුවන් විසින් සිදුකළ වැරදි බී වාර්තාව මගින් නිවැරදි දක්වා නොතිබීම නිසා සැකකරුවන්ට අධිකරණයේදී මහේස්ත්‍රාත්තුමා විසින් ඇප නියම කරනු ලැබුවා.
දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ගෙන් 23 දෙනෙකු කොළඹ ජාතික රෝහලේත් තවත් තිදෙනෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඔවුන් මාලිගාවත්ත සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කර සුදුසු නියෝග ලබා දෙන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කරනු ලැබුවා.
අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ඇතුළු ජනාධිපති නීතිඥවරුන් 08 දෙනෙකු, ජේෂ්ඨ සහ කනිෂ්ඨ නීතිඥවරුන් 400කට අධික පිරිසක් පෙනී සිටි බවයි වාර්තා වන්නේ.