ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් පිරිනැමූ දායකත්වය අගයමින්, AICPA (ජාත්‍යන්තර සහතිකලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමය) සහ CIMA (කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය) යන ආයතන සිය හොඳම සේවායෝජකයින් විසි දෙනා අතරට මහජන බැංකුව නම් කර ඇත. පසුගියදා කොළඹ දී පැවති AICPA and CIMA Top Employer 2023 සම්මාන උළෙලේදී මෙම සඳහා වන සම්මානය මහජන බැංකුව වෙත පිරිනැමිණි.
කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට සුවිශේෂ සේවාවක් සිදුකරනු ලබන සේවායෝජකයන් ඇගයීම වෙනුවෙන් ‘AICPA and CIMA Top Employer 2023 සම්මාන උළෙල පැවැත්වෙන අතර, මෙහි ජයග්‍රාහකයන් තෝරා ගැනීමේ දී එම ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් සේවායෝජකයාගේ දායකත්වය මෙන්ම, අදාළ සේවායෝජකයා විසින් සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට වෘත්තීයමය වශයෙන් ඉහළට යාම වෙනුවෙන් සලසන අවස්ථා කෙරෙහිද අවධානය යොමු කරයි.
මහජන බැංකුව සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයින්ට වෘත්තීයමය විශිෂ්ටත්වය ළඟා කරගැනීමට අවශ්‍ය පුහුණුව හා සම්පත් ලබාදීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙයි. එමෙන් ම ගනුදෙනුකරුවන් වෙත ගුණාත්මක හා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරන දක්ෂ වෘත්තිකයන් කණ්ඩායමක්ද මහජන බැංකුව සතුය.