ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, මේ වන විට රටට විශාල අභියෝගයක් වී පවතින COVID-19 රෝගය මර්දනය කිරීමේ සටන ශක්තිමත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් රෝහල්වලට Polymerase Chain Reaction (PCR) යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර තිබේ. මේ යටතේ පරිත්‍යාග කරන ලද පළමු යන්ත්‍රය පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහල වෙත පරිත්‍යාග කරන ලදී. මෙම යන්ත්‍රයෙහි වටිනාකම රු. මිලියන 5 කට අධිකය. SLT- MOBITEL නියෝජනය කරමින් SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා මෙම යන්ත්‍රය කරවනැල්ල මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී මානෙල් විමලරත්න මහත්මිය වෙත පරිත්‍යාග කරන ලදී.