ලෝක ප්‍රකට Brands Finance ආයතනය විසින්, ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ පසුගියදා නම් කෙරුණි.
අඛණ්ඩව 19 වැනි වරටත් සිදුකෙරුණු මෙම ශ්‍රේණිගත කිරීම, ශ්‍රී ලාංකික සන්නාමවල වටිනාකම සහ ශක්තිය අගයනු ලබයි. LMD Brands Annual 2022 හි පළ කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමේදී, විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අදාළ මෙරට ආයතනික සන්නාම 100ක් අතුරින් 11 වැනි ස්ථානය හිමි කරගැනීමට නෙස්ලේ සමාගම සමත්විය. Brands Finance ආයතනය විසින් සිදුකළ පුළුල් පර්යේෂණයකට අනුව නෙස්ලේ සන්නාමයේ වටිනාකම 2021 වසරට සාපේක්ෂව 2022 දී සියයට 20කින් වර්ධනයවී තිබීමද කැපීපෙනේ.
නෙස්ලේ සතු සන්නාම තුනක්, ශ්‍රී ලංකාවේ වැඩිම ජනාදරයට පත් සන්නාම අතරටද පත්විය. මෙම ඇගයීමේදී, විවිධ කාණ්ඩවලට අයත් සන්නාම 140ක් පමණ ආවරණය කෙරුණි. ඒ අනුව, කිරි ආහාර – මෝල්ට් පාන යන කාණ්ඩයේ වැඩිම ජනාදරයට පත් සන්නාමය බවට ‘නෙස්ටමෝල්ට්’ පත්විය. ශ්‍රී ලංකාවටම ආවේණික නිෂ්පාදනයක් වන නෙස්ටමෝල්ට් වසර 60කටත් වැඩි කාලයක් පුරා විවිධ පරම්පරාවන්හි ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් ආදරයෙන් වැලඳගත් සන්නාමයක් බව මෙහිදී තවදුරටත් සනාථ විය. මේ අතර, එම කාණ්ඩයේම දෙවැනි ස්ථානය දිනාගැනීමට‘මයිලෝ’ සන්නාමයට හැකි වූ අතර, නූඩ්ල්ස් සහ වෙනත් තිරිඟු ආහාර යන කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට‘මැගී’ සන්නාමය සමත්විය.