• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සේයා සහ අනීෂා වෙනුවෙන් පොලීසිය සහ මාධ්‍ය ආයෙත් වරද්දගනීද?

June 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සේයා සහ අනීෂා වෙනුවෙන් පොලීසිය සහ මාධ්‍ය ආයෙත් වරද්දගනීද?
Share on WhatsAppShare on Facebook

පත්තරකාරයො වෙච්ච අපි ලිපියක් ලියනකොට ඒ ලිපියෙ ලියන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට මම කියලා. ඒක අපි ලියන්නේ අපි කියලා. මේ කතන්දරය පත්තර රස්සාවට ආවට පස්සේ මට කියලා දුන්නේ රජිත බස්නායක. ඒක හොඳ පාඩමක්. ඒ පාඩම ඉගෙන ගත්තට පස්සේ මම උත්සාහ කරනවා හැකි උපරිමයෙන්ම ඒ ප්‍රතිපත්තිය රකින්න. ඒත් ආදරණීය මිත්‍රවරුනි, මේ මොහොතේ මම ඒ ප්‍රතිපත්තිය කඩලා මේ ලිපිය ලියන්නේ මම කියලා. මේ මගේ අත්දැකීම සහ මම වින්ද හැඟීම් සහ වේදනාවන් එක්ක ලියන ලිපියක්. මේ මම ජීවිත කාලෙ පුරාම ඉතා අකැමැත්තෙන් ලියන ලිපිවලින් එකක්. මේ ලිපිය මේ විදියට අකැමැත්තෙන් ලියන්නේ එක දවසක මම මේ ලිපිය මේ විදියට ලියන එක නතර කරපු හින්දා. මම එදා ලෝකෙටම පොරොන්දු වුණා ආයෙත් මම කවදාවත් මේ මාතෘකාව සම්බන්ධයෙන් ලියන්නේ නෑ, මෙතැනින් පස්සේ ඒ ගැන ලියලා ඉවරයි කියලා. සිංහල සහ ඉංග්‍රීසි පත්තර දෙකටම දිගින් දිගටම මේ සම්බන්ධව ලිපි ලියලා අවසානෙදි මම මේ ලිපිය අවසන් කළේ ඉතාම ඛේදනීය තැනකින්. ආයෙත් ඒ ඛේදනීය තැනකින් පටන් ගන්න සිදුවීම ගැන අප්‍රමාණව මම කනගාටු වෙනවා. මේ සේයා සදෙව්මි ගැන නැවත වතාවක් ලියන්න සිදුවීමේ අභාග්‍යසම්පන්න අත්දැකීම.

මගේ ලිපි මුල සිටම කියවූ පාඨක ඔබට මතක ඇති වෙනත් පුවත්පතක රැකියාව කරන කාලෙ සේයා සදෙව්මි අතුරුදන් වීමත් එක්ක ඒ බිමේ දවස් කිහිපයක් ගත කරමින් මම සේයා සම්බන්ධව හෙව්වා. සේයා සම්බන්ධව ලිව්වා. අපට හොයාගන්න පුළුවන් වුණේ සේයාගේ මළ සිරුර. නමුත් සේයා සම්බන්ධව අදටත් ඒ බිමේ ඛේදවාචක ඉතිරි වෙලා තියෙනවා. උදාහරණයක් විදියට සේයාගෙ තාත්තට තවමත් තමන්ගෙ ජීවිතේ හරියට ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. ඔහුගෙ රැකියාව අහිමි වීම, බරපතළ සමාජ ප්‍රසාදයකට මුහුණදී වගේ කාරණාවලින් ඔහුට තවමත් ගැළවෙන්න පුළුවන්කමක් නෑ. එදා ඒකට වගකියන්න ඕනෙ මාධ්‍ය. මම මාධ්‍යකරුවෙක් විදියට එදා ඒ පවට හවුල් නොවුණාය කියලා අභිමානයකින් යුතුව වගකීම්සහගතව මම මේ කතාව ලියනවා. කොහේ හරි තැනක ඉඳලා මේ ලිපිය කියවනවා නම් සේයා සදෙව්මිගෙ තාත්තා මේ කතන්දරයට සාක්ෂි දරයි. නමුත් එදා සේයාගේ මරණයත් අද අනීෂාගේ මරණයත් අතර මම සමානකම් දකිනවා. ඒ සමානකම්වල වඩාත් වැඩි සමානකමක් මම දකින්නේ මරණය, මියගිය ස්ථානය, සිදුවූ ආකාරය කියන කාරණාවලටත් වඩා වෙන දෙයක්. මේ අවස්ථාවේදී පොලිසිය කටයුතු කරන ආකාරය සහ එදා පොලිසිය කටයුතු කළ ආකාරය වගේම එදා මාධ්‍ය හැසිරුණු ආකාරය බොහෝ විට සමානයි. සේයා මියයන්නේ අනීෂාට වඩා වයසින් අඩු කාලෙක. සේයාගේ මරණයත් මේ විදියටම අපට ගොහොරු බිමක මඩ අතර තිබිලා හොයාගන්න සිද්ධ වෙනවා. සේයාගෙ මරණයත් එක්ක පොලිසිය සහ මාධ්‍ය මුලින්ම ඉස්මතු කරන්නේ සේයාගේ තාත්තා වැරැදිකාරයෙක් බව. සේයාගේ තාත්තට එරෙහිව තමයි ප්‍රදේශයේ බරපතළ විරෝධතාවක් දියත් වෙන්නේ. සේයාගෙ තාත්තා සම්බන්ධව චෝදනා ඉදිරිපත් කරලා, තිබුණු ප්‍රශ්න සමාජගත කරලා, ඔහුව පණ පිටින් මරලා දාලා තමයි මේ ප්‍රශ්නය විසඳන්න පොලිසිය සහ මාධ්‍ය කටයුතු කළේ. අද අනීෂාගෙ ගෙදරත් තත්ත්වය ඒ විදියම තමයි. අපි දන්නෙ නෑ අනීෂාගෙ තාත්තා වැරැදිකරුද, නිවැරැදිකරුද කියලා. ඔහු සැකකරුවෙක්ද කියලවත් මම දන්නෙ නෑ. නමුත් අනීෂගෙ තාත්තා අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කෙනෙක් කියන කාරණාව ඔක්කොටම කලින් සමාජගත කළේ කාගෙ වුවමනාවටද කියන එක අපට ප්‍රශ්නයක්. අපට වැදගත් වෙන්නෙ මේ අනීෂාගෙ තාත්තා කියන කාරණාව විතරයි. අනීෂාගෙ තාත්තා වැරැද්දක් කරලා නැත්නම්, ඔහු වරදකරුවෙක් විදියට අත්අඩංගුවට අරගෙන නැත්නම් ඔහු සම්බන්ධව පොලිසියෙ පැමිණිල්ලක් නැත්නම් කොහොමද අනීෂාගෙ තාත්තා සම්බන්ධව මෙහෙම මත ඉදිරිපත් කරන්නේ? අනීෂාගෙ මරණය සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සහ ඒ මරණය සම්බන්ධව සැකකරුවන් හොයාගෙන යෑම පොලිසියෙ වගකීමක්. නමුත් සේයාගෙ ගෙදර වගේම පොලිසිය මුලින්ම අනීෂාගෙ ගෙදර තමයි සැක කරන්න පටන් අරගන්නේ. අනීෂාගෙ තාත්තා සම්බන්ධව සැකකරනවා නම්, ඔහු වැරැදිකරුවෙක් නම්, ඔහුට විරුද්ධව දඬුවම් කරනවා නම්, ඔහුට එරෙහිව පියවර ගන්නවා නම් ඒක කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් පිට මේ විදියට සමාජගත කරලා, අපරාධකරුවන් ගැන රටට කියලා, ඔවුන්ගෙ පින්තූර පළ කරලා මේ මාධ්‍ය සදාචාරය සහ පොලිස් සදාචාරය, නැත්නම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සදාචාරය විනාශ වෙච්ච අවස්ථාවක් විදියටයි මම දකින්නේ.

සේයාගෙ සිදුවීමේදීත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී ඒ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න පොලිසිය අපොහොසත් වුණා. ඒ අපොහොසත් වීමත් එක්ක අවසන් වශයෙන් සිදුවුණේ ඒ සිදුවීමට අදාළව එවක කොටදෙණියාව පොලිසියෙ නිලධාරීනුත් අපහසුතාවට පත්වීම. මේ වගේ අවස්ථාවකදි පොලිසිය සාමාන්‍යයෙන් මුහුණ දෙන බරපතළ අර්බුදය ගැන එවක හිටපු නිලධාරියෙක් මාත් එක්ක පැහැදිලිවම කිව්වා. ඔහු කිව්වේ ඉහළින් සහ පහළින් දෙපැත්තෙන්ම අපට ප්‍රෙෂර් එක එනවා. ඉහළ නිලධාරීන් අපට නිතරම කතා කරලා අහනවා කාව හරි ගත්තෙ නැද්ද කියලා. පහළ මිනිස්සු ටික කරන්නේ පාරවල් වහගෙන තැන් තැන්වල උද්ඝෝෂණ කරන එක. කෑගහනවා. එතකොට අපිට ලොකු ප්‍රෙෂර් එකක් එන්නේ. අපිට කොහොම හරි කාව හරි අත්අඩංගුවට ගන්නයි සිද්ධ වෙන්නේ.

හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න පුද්ගලයො වැරැදිකාරයොද, නිවැරැදිකාරයොද කියන එක ගැන පොලිසියටත් මේ මොහොතේ අවබෝධයක් නෑ කියලා අපි දන්නවා. ඒක නිසා අනීෂාගෙ සිදුවීම සම්බන්ධව වගේම මේ පුංචි දරුවන්ගෙ සිදුවීම් සම්බන්ධව මීට වඩා සංවේදීව හැසිරෙන්න පොලිසියට සහ ආරක්ෂක අංශවලට වගකීමක් තියෙනවා කියලයි අපට හිතෙන්නෙ. කලින් වතාවෙත් සේයාගෙ මරණය සම්බන්ධව අවසාන වශයෙන් අත්අඩංගුවට ගත්ත පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ කිහිප දෙනකුගෙන් පස්සේ. කොන්ඩයා කියන පුද්ගලයාව ප්‍රසිද්ධ කරලා, ඔහුගෙ පින්තූර පළ කරලා, කාටූන් ඇඳලා, පුවත්පත්වල මුල් සිරස්තලවල ඔහු ගැන ලියලා අවසානයෙ ඔහු වැරැදිකරු නෙවෙයි කියලා ඔප්පු වුණාට පස්සේ කවුද කොතැනදිද මේ පුද්ගලයව නිවැරැදි කිරීමේ වගකීම දරන්නේ? මාධ්‍ය හැමදාම මේ වැඩේ මේ විදියටම කළා. නමුත් ඒ වෙනුවෙන් මාධ්‍යයට කිසි දවසක නිවැරැදි කිරීමේ වගකීමක් පැවරුණේ නෑ වගේම යම් වැරැදීමකින් හෝ සිදුවෙච්ච කාරණාවක් නිවැරැදි කිරීම මාධ්‍යයෙන් සිදුවුණත් ඒක මිනිස්සු අතරට අර තරම් ගියේ නෑ.

ඔබට මතක නම් කොටකෙතන කාන්තාවක් මියගියාට පස්සේ ඇගේ දරුවාව අත්අඩංගුවට ගැනීමේ සිදුවීම. මේ දරුවා වැරැදිකරු නොවෙන බවත්, ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බවත්, කිසි සේත්ම ඔහු මෙම මරණයට වගකිව යුත්තකු නොවන බවත් ඔප්පු වෙනකොට මේ සිදුවීම සම්පූර්ණයෙන්ම සිදුවෙලා ඉවරයි. මේ දරුවා සහ ඔහුගෙ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි. ඒක නිසා මම යළිත් වතාවක් හිතවත් මාධ්‍යවේදීන්ගෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ සිදුවීම්වලදී ටිකක් සංවේදීව හැසිරිය යුතුයි. අපි මාධ්‍යකරුවන් විදියට අපේ වගකීම හරියට නොදැරුවොත් සමාජය විසින් අපි කියන දේ අනුව ගිහිල්ලා බරපතළ වැරැදි තීරණ ගන්න පුළුවන්. ඒ විදියෙ වැරැදි තීරණවලින් අදටත් බොහෝ දෙනෙක් තමන්ගෙ ජීවිතය සම්බන්ධව ඉතා බරපතළ අර්බුදවලට පත්වෙලා ඉවරයි. මම විශ්වාස කරනවා කොහේ හරි තැනක ඉඳලා සේයාගෙ තාත්තා මේ ලිපිය කියවලා අපිත් එක්ක අමනාප වෙන එකක් නෑ කියලා. ආයිත් වතාවක් මේ දේවල් මතක් කරන්න සිදුවීම ගැන මම සේයාගෙන් සහ සේයාගෙ මවුපියන්ගෙන්, පවුලෙ අයගෙන් සමාව ඉල්ලනවා. නමුත් අනීෂා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්නත්, අනීෂාගෙ මවුපියන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්නත්, ඒ මිනිස්සු හෙට ජීවත් විය යුතුයි කියන එක ගැන කල්පනා කරන්නත් අපි නැවතත් ඔබට බල කරනවා. වැරැදි නැති පුද්ගලයො වැරැදි බවට අනුමාන කරනවා නම් ඒ අනුමාන සම්බන්ධව පුවත් පළ කරන්න පෙර, කතන්දර කියන්න පෙර නිවැරැදි පරීක්ෂණවලින් ඒ බව සනාථ කරගෙන ඉන්න එක තමයි අපි හිතන්නේ ඉතාම වැදගත් කාරණාව කියලා.

කිහිප වතාවක්ම මේ කාරණය මේ විදියටම දැක්කා. එහෙම නොවුණොත් රටක් විදියට අපිට ඒ වරද යළි නිවැරැදි කරන්න බැරි වෙනවා කියන එක අපිට විශ්වාසයි. ඒක සේයාගෙ ගෙදරින් ඔබ නොදකින්න ඇත්තේ සේයාගෙ මරණයෙන් පසසේ ඒ ප්‍රවෘත්තිය උණු කැවුම් වගේ විකුණුනු කාලයක් තිබුණට, ඉන් පස්සේ සේයාගෙ සිදුවීම අලෙවි කරන්න ලංකාවෙ මාධ්‍යයට වුවමනාවක් නෑ. සේයාගෙ සිදුවීම සම්බන්ධව පුවත් වාර්තා කරලා සම්මාන ගත්ත සමහර මාධ්‍යවේදියො හිටියට අද සේයාගෙ ගෙදර තියෙන ප්‍රශ්නය හරියට තේරුම් අරගන්න ඒ තාත්තගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට හැරවීමේ වගකීම භාරගන්න කිසිම මාධ්‍යයක් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ නිසා සේයාගෙ තාත්තා වගේම අනීෂාගෙ තාත්තාවත් ආරක්ෂා කරන්න අපිට විශාල වගකීමක් තියෙනවා. ඔබ සිතිය යුතු වැදගත්ම දේ වෙන්නේ මේ, තමන්ගෙ දරුවා මියයෑමෙන් කම්පාවට පත්වෙච්ච මනුස්සයෙක් කියන එක. ඒ මනුස්සයාගෙ පෙර වැරැදි, දුසිරිත්, ඇබ්බැහිවීම් මේ මොහොතේ ඉස්මතු කිරීම වැදගත්ද, නැද්ද කියන එක මාධ්‍යයට සහ පොලිසියට පැවරෙන රාජකාරියක්. ඔහුගෙ එහෙම වැරැද්දක් අඩුපාඩුක් තියෙනවා නම් ඒ ඔස්සේ ගිහින් පරීක්ෂණ සිදුකරන එක ඔබේ වැඩක්. හැබැයි ඒක රටට කියන්න කලින් දෙපාරක් හිතන එක පොලිසියෙ විතරක් නෙවෙයි, මාධ්‍ය සහෘදයනි ඔබේත්, මගේත් වැඩක්. ඒ නිසා සේයාට වගේම අනීෂාටත් මේ මහ පොළොවේ සමාදානයේ සැතපෙන්න ඉඩ දෙන්න. කොහේ හරි තැනක ඉඳන් ඒගොල්ලො බලාගෙන ඉන්නවා නම් ඒ තාත්තලා, අම්මලා සතුටින් ඉන්නවා බලන්නවත් ඒ දරුවන්ට ඉඩ තියන්න. එහෙම නැති වුණොත් ඔබට අපිට සාප වෙන්නේ කොයි ආගමට අනුවද, කොයි ජාතියට අනුවද, කොයි ඇදහිල්ලට අනුවද, කොයි විශ්වාසයට අනුවද කියන එක අපිවත් දන්නෙ නෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

9වැනිදා ප්‍රහාරකයින් අහුවෙයිද? නිදහස් වෙයිද?

Next Post

2022 වසරේ ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය නෙස්ලේ…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.