සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, සුන්දර ශ්‍රී ලංකාවේ ආශ්චර්යය සිත් සේ විඳගැනීමට සිය කාඞ්පත් හිමියන්ට අවස්ථාව සලසා දීම සඳහා 3 වැනි වරටත් Travel the Island’’ වැඩසටහන දියත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන යටතේ සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට හෝටල් සහ අනෙකුත් සත්කාරක සේවා සම්පාදකයන් 3500කට අධික සංඛ්‍යාවක් වෙතින් සුවිශේෂී වට්ටම් හා දීමනා හිමි වේ.
මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම දීමනාවන් පිරිනැමීමට සෙලාන් බැංකුව කටයුතු යොදා ඇති බැවින්, 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ඇගයීමට ලක්වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නොඅඩුව විඳගැනීමට සෙලාන් කාඞ්පත් හිමියන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙමගින් 65%ක් දක්වාම වට්ටම් හිමිවන නිසා සෙලාන් කාඞ්පත් හිමියන්ට සහනදායී ගාස්තු යටතේ තමන් සිහින දුටු නිවාඩුව ගතකිරීමට හැකියාව ලැබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් සෙලාන් බැංකුව ‘Findmyfare’ iy ‘Yoho bed’ සමගද අත්වැල් බැඳගෙන සිටී.
මේ පිළිබඳ අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ විකුණුම් හා අලෙවි ප්‍රධානී ගාමික ද සිල්වා මහතා මෙසේ පැවසීය. “2017 වසරේ මෙම වැඩසටහන ආරම්භ කිරීමේදී අපගේ මූලික ඉලක්කය වුණේ සෙලාන් කාඞ්පත් හිමියන්ට නැවුම් අත්දැකීමක් තිළිණ කිරීමයි. සංචාරය යනු මනසට නිදහසක් මෙන්ම මිනිසුන්ට එකිනෙකා සමග සමීප වීමට අවස්ථාව සැලසීමක් ලෙස අප දකිනවා. අපගේ කාඞ්පත් හිමියන් සංචාරය කිරීමට දක්වන ඇල්ම මෙන්ම, සහනදායී ගාස්තු යටතේ ප්‍රමුඛ පෙළේ හෝටල්වල නවාතැන් ගැනීමට හැකිවීම ඔවුන් කෙතරම් අගය කරනවාද යන්න අප පසුගිය වසර 2 තුළදී හොඳින් දුටුවා. අඛණ්ඩව 3 වැනි වරටත් මෙය ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළේ ඒ නිසයි. මෙම වසරේදී ගනුදෙනුකරුවන්ට පෙරටත් වඩා වැඩි ප්‍රතිලාභ ලබාදීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙවර දිවයින පුරා විසිරුණු හෝටල් සහ අනෙකුත් නවාතැන් ස්ථාන 3500කට අධික සංඛ්‍යාවකදී ගනුදෙනුකරුවන්ට මෙම සුවිශේෂී දීමනාවන් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම, පසුගිය කාලසීමාවේ සිදුවූ යම් යම් අවාසනාවන්ත සිදුවීම් නිසා එක්තරා දුරකට අර්බුදයට ලක්වූ සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට මෙම වැඩසටහන විශාල අත්වැලක් වේවි කියා අප සිතනවා.‘Travel the Island’’ වැඩසටහන මගින් ගනුදෙනුකරුවන් වෙනුවෙන් පහසු ගෙවීමේ ක්‍රමද හඳුන්වා දී ඇති නිසා ඔවුන්ට දැන් සිත් සේ රටේ සුන්දරත්වය අත්විඳීමට පුළුවන්”
‘‘Travel the Island’’ වැඩසටහන නිසා තම ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සුවිශේෂී සංචාරක අත්දැකීම් පෙළක් හිමිවනු දැකීම සෙලාන් බැංකුවේ අපේක්ෂාව වේ. මෙම වැඩසටහන සමග සම්බන්ධ වී සිටින හෝටල් ලැයිස්තුව ඇතුළුව, වැඩසටන පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා කරුණාකර www.seylan.lk වෙත පිවිසෙන්න.