ලොව නවීනතම වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණය යොදාගනිමින් අන්තර්ජාතික ප්‍රමිතීන් සුරක්ෂිත කළ සේවා ඉටු කරන Lanka Hospitals Diagnostics (LHD) සෞඛ්‍ය සේවා රසායනාගාරය, ව්‍යාධිවේදීන් සඳහා වන ඇමරිකානු අධ්‍යාපන ආයතනය වන College of American Pathologists (CAP) පිරිනමන ගෝලීය ස්වර්ණමය තත්ත්ව සහතිකය (Gold Standard of Laboratory Accreditation) නැවත වරක් හිමිකරගන්නට සමත්ව සිටියි.
Lanka Hospitals Diagnostics සෞඛ්‍ය සේවා රසායනාගාරය, College of American Pathologists (CAP) සහ අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ (ISO) සහතික ලත් ශ්‍රී ලංකාවේ එකම සෞඛ්‍ය සේවා රසායනාගාරය ලෙස කීර්තිමත් නමක් දිනා ඇත. වාර්ෂිකව අලුත් කෙරෙන මෙම CAP තත්ත්ව සහතිකය 2019 වසරටත් අලුත් කරවාගන්නටLanka Hospitals Diagnostics සමත් වූයේ ලොව පුරා CAP සහතික ලත් සෞඛ්‍ය සේවා රසායනාගාර 3000කට අධික සංඛ්‍යාවක් සඳහා එකම ආකාරයකින් බලපැවැත්වෙන පර්යේෂණ ක්‍රමවේදයකින් සාර්ථකව සමත්වෙමිනි.