හැටන් නැෂනල් බැංකුව (HNB) සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ඇෂුවරන්ස් PLC (HNBA) එක්ව, එහි නවතම මූල්‍ය විසඳුමක් වන ලීස් ප්‍රොටෙක්ටර් රක්ෂණ සැලැස්ම එළිදැක්වීම නිවේදනය කළේය. මෙහි සුවිශේෂත්වය වන්නේ බදු ගෙවීම් සිදුකරන්නාගේ හදිසි අභාවයකදී හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකදී ඔහු හෝ ඇයගේ බැංකුව වෙත ගෙවිය යුතු කල්බදු බදු ගෙවීම් HNBA විසින් පියවීමට කටයුතු කිරීමයි.
මෙමගින් ලබා ගත හැකි උපරිම ආවරණ වටිනාකම රුපියල් මිලියන 10ක් වන අතර වයස අවුරුදු 70 දක්වා සේවාලභීන් හට ආවරණය සැලසෙයි. තවත් ආකර්ෂණීය කරුණක් වන්නේ HNB සහ HNBA විසින් මෙම ආවරණය ලබා ගැනීමේ ක්‍රියාවලිය අනවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් තොර ඉතාමත් සරල කර තිබීමයි.
HNBහි පාරිභෝගික හා කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජේ විජේමාන්න මහතා මේ පිළිබඳව පැවසුවේ, “ආයතනයක් ලෙස මෙවැනි අවිනිශ්චිත වාතාවරණයක දී පවා අපගේ සේවාලාභීන් හට අත්‍යවශ්‍ය වාහනයක් ලබා ගැනීමටත් උපරිම වටිනාකමක් සලසා දීමටත් හැකි අයුරින් සහය වීමට ඇප කැප වී සිටියි.
මෙම හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට සහ සුරක්ෂිතභාව තහවුරු කරන අනගි මූල්‍ය විසඳුමක් සලසා දෙයි”.











