ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC තම දෛනික මෙහෙයුම්හිදී ගනුදෙනු සඳහා කඩදාසි භාවිතය අවම කරමින් ‘Bridge Advisory & Consulting’ සහ ‘DocuSign’ සමග එක්ව ඩිජිටල් අස්සන් (e-signature) ආකෘතිය සක්‍රීය කිරීමට පියවර ගන්නා ලදී.
HNB FINANCE හි අභ්‍යන්තර මෙහෙයුම් සඳහා දැනටමත් මෙම ආකෘතිය ක්‍රියාවට නංවා ඇත. එහිදී සාම්ප්‍රදායික ලිඛිත අස්සන් වෙනුවට ඩිජිටල් අස්සන භාවිත කිරීමට ආයතනික අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට අවස්ථාව ලැබී ඇති අතර මෙම අවස්ථාව නුදුරු අනාගතයේදී පාරිභෝගිකයන්ටද ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.
මූල්‍ය සමාගමක මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා ‘DocuSign’ ඩිජිටල් අස්සන් ආකෘතිය හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙය වෙන අතර මේ හරහා ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය අංශය තුළ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට HNB FINANCE සමාගමට හැකි වේ. එමගින් සිය ඩිජිටල් සේවා ප්‍රවර්ධන මෙහෙයුමේ පුරෝගාමී පියවරක් ඉදිරියට තැබීමට ද ඉන් හැකියාව ලැබෙනු ඇත.