ඩොලර් පමණක් නොව ඉදිරියේදී දැඩි රුපියල් හිගයකට පවා මුහුණදීමට සිදු වනු ඇති බව මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් විසින් අගමැතිවරයා වෙත දැනුම් දෙනු ලැබ ඇති බව වාර්තා වේ.
පසුගිය දිනෙක අගමැතිවරයා මුණ ගැසී ඇති මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් මේ බව දැනුම් දී වහාම ඒ පිළබදව ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයා සමග සාකච්ජා කරන මෙන් ඉල්ලීමක් කොට ඇත.
එමෙන්ම හැකි ඉක්මනින් තෙල් මිල ඉහළ නොදැමුවහොත් බරපතළ අර්බුද ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔවුන් අගමැතිවරයාට පෙන්වා දී තිබේ.